කටාර් රාජ්‍ය හා එක්ව කටාර් චැරටි පදනම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය යටතේ ගෘහ මූලික කාන්තාවන් හා විවිධ ගැටළුවලට මුහුණ දෙමින් සුළු හෝ ස්වයං රැකියාවක නිරත අවශ්‍යතා සහිත කාන්තා කාර්ය සංවිධානයන් හී සිටින තෝරාගත් සාමාජිකාවන් 36 ක් වෙනුවෙන් වෙන් කරන ලද භාණ්ඩ හා උපකරණ ලබා දීමේ වැඩසටහන සමගාමීව සමාරම්භක උත්සවය Marine Grand Banquet Hall පරිශ්‍රයේ දී රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය රුවන්⁣ සෙනරත් මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා අතිරේක දිස්තික් ලේකම් කාංචනි ගුණවර්ධන මිය ප්‍රධානව කටාර් රාජ්‍යයේ කටාර් චැරිටි පදනමේ සහභාගීත්වයෙන් 2025.07.21 වන දින පවතවන ලදී.

මෙහිදී මහන මැෂිං,ගයින්ඩර් මැෂිං හා සෙසු උපකරණයන්ට අදාළව සංකේතාත්මක ප්‍රධානයන්ට හෝමාගම කොට්ඨාසය නියෝජනය කරමින් කාන්තාවන් හතකට අවස්ථාව ලැබිණී. සෙසු අය සදහා උපකරණ හා භාණ්ඩ නුදුරු දිනයකදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ ලබා දීමට නියමිතය.ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟපෙන්වීම හා අධීක්ෂණය මත කාර්යාලීයය වනිතා සංවර්ධන නිලධාරී හා වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් කොට්ඨාසයේ ප්‍රතිලාභීන් තෝරාගැනමේ කටයුතු හා මෙම වැඩසටහන සම්බන්ධීකරණ  කරන ලදී.

20250722womenprog

20250722womenprog 2

20250722womenprog 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top