හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ සම්බන්ධව කටයුතු සිදු කරනු ලබන ව්‍යාපාරයන්හි පසු විපරම් සිදු කිරීමේ වැඩසටහනක් 2025.07.22 දින සිදු කරනු ලැබීය.
හේනවත්ත,මීගොඩ,මුල්ලේගම උතුර,ගොඩගම උතුර,පනාගොඩ නැගෙනහිර යන වසම්හි හඳුන්කූරු නිෂ්පාදන, කල්තබා ගන්නා ආහාර නිෂ්පාදන, පොලිතින් නිෂ්පාදනය, බෑග් නිෂ්පාදන හා කුලු බඩු නිෂ්පාදන යන ක්ෂේත්රයන්හි පවතින ව්‍යාපාර නිරීක්ෂණය සිදු කරනු ලැබීය. මෙම ව්‍යාපාරයන්හි පවතින තත්වය හා ගැටලු හදුනා ගැනීම, ඒ සදහා උපදේශනය ලබා දීම මෙම වැඩසටහනෙහි අරමුණ විය.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟපෙන්වීම මත කොළඹ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරි නිරෝෂා නානායක්කාර මහත්මිය හා සංවර්ධන නිලධාරි ජීවානි චතුරිකා මහත්මිය මෙම අවස්ථාව සඳහා සම්පත්දායකත්වය ලබා දුන් අතර කාර්යාලීයය කුඩාව්‍යාපාර සංවර්ධන නිලධාරි විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණ කරන ලදී.

















