Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ගැහැණුවල ග්රාම නිලධාරී වසමේ මංමාවත් පිරිසිදු කිරීමේ ශ්රමදානයක් 2025.07.27 වන දින පැවැත්විණි.
මෙහි සමාරම්භක වැඩ සටහනට සමගාමීව කන්දවත්ත ප්රජාශාලා අසල මාර්ගය හා කන්දවත්ත පළමු හා දෙවන පටුමග මාර්ග පිරිසිදු කිරීම සිදු විය.
මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා කොට්ඨාශ භාර මහජන නියෝජිතයින් රාජ්ය නිලධාරීන් මෙන්ම ග්රාම සංවර්ධන සමිතිය ප්රමුඛ ස්වේච්ඡා සමිති නායකයින් හා සමාජ ක්රියාකාරිකයින් රැසක් පෙරමුණ ගෙන කටයුතු කළහ.
මෙම සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් සංවිධානය කරන ලද්දේ ගැහැණුවල වසම්භාර සංවර්ධන නිලධාරී සහ ග්රාම නිලධාරී විසිනි.

















