හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමෘද්ධි සමාජ සංවර්ධන අංශයේ සංවිධානයෙන් හා හෝමාගම කොට්ඨාස හා කලාප අධ්‍යාපන කාර්යාලයේ සම්බන්ධීකරනයෙන් දියගම කණිෂ්ඨ විද්‍යාලයීය 2025 වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු දරුවන් සදහා " ශිෂ්‍යත්ව පෙරහුරු සම්මන්ත්‍රණය" 2025.08.01 දිනදී දියගම කණිෂ්ඨ විද්‍යාලයීය ශාලාවේදී පවත්වන ලදී.
ශිෂ්‍යත්ව පෙරහුරු ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම හෝමාගම මහා විද්‍යාලයේ ආචාර්ය පහ වසර ශිෂ්‍යත්ව ප්‍රධාන පිළිතුරු පත්‍ර පරීක්ෂක ජේ.පී.ආර්.අශෝක මහතා විසින් සිදු කරන ලදී.
හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික අංශය භාර අධ්යක්ෂ රන්දිකා රාජපක්ෂ මහත්මිය, දියගම කණිෂ්ඨ විද්‍යාලයීය විදුහල්පති එස්.ඊ.පී.දමයන්ති මහත්මිය හා පහ වසර ශ්‍රේණි භාර ගුරුභවතුන්, සමෘද්ධි බැංකු සමීති කළමණාකරු පී.එස්.වේවැල්වල මහත්මිය, දිස්ත්‍රික් සමාජ සංවර්ධන සහකාර බුද්ධික වීරසේකර මහතා, සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර කාන්තිකා හුලත්දූව මෙනවිය මෙම අවස්ථාවට එක්වූහ.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුල්‍ය ප්‍රතිපාදන මත හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් හා මගපෙන්වීමෙන් සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගීන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය .



















