ගොඩගම උතුර හා ගොඩගම දකුණ ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි ආගමික සහයෝගීතාවයත්, පුද්ගල ඒකාබද්ධතාවය හා මිත්‍රත්වයත් වර්ධනය කිරීමේ අරමුණින් මහා සංඝරත්නය විෂයෙහි දානමය පින්කමක් 2025.08.02 වන දින සිදු කරන ලදී.

මෙහි විශේෂත්වය වන්නේ ගොඩගම උතුර හා ගොඩගම දකුණ ග්‍රාම නිලධාරී වසම් දෙකෙහිම දායක දායිකාවන්ගේ නිවාස 350ක් තුළ එකම කෑම වට්ටෝරුවකට සකස් කරන ලද දානය,එකම වෙලාවක් තුළදී මහා සංඝරත්නය සදහා පූජා කිරීමයි.

මේ සදහා පින්බර දායකත්වය සපයමින් සියලු කටයුතු සංවිධානය කරන ලද්දේ ගොඩගම පුරාණ විහාරාධිපති අතිපූජ්‍ය කොටිගල නන්දරතන ස්වාමීන් වහන්සේ විසිනි. මේ සදහා සම්පත් දායකත්වය ගොඩගම උතුර හා ගොඩගම දකුණ ප්‍රදේශවාසීන් විසින් සිදු කරන ලද අතර මෙම සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් සංවිධානය කරන ලද්දේ ගොඩගම උතුර සංවර්ධන නිලධාරී විජයන්ත ලක්සිරි මහතා විසිනි.

 20250802godagamanorthprog

20250802godagamanorthprog 220250802godagamanorthprog 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top