හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රිළාවල ග්‍රාම නිලධාරී වසමේ ආන්තික පවුල් ඉලක්ක කර ගනිමින් ඉටි පන්දම් නිෂ්පාදනය කිරීමේ පුහුණු වැඩසටහනක් 2025.08.07 වන දින රිළාවල ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී.
ආන්තික පවුල්වලට අමතර ආදායමක් එකතු කරමින් ආර්ථික අතින් ශක්තිමත් කිරීමේ අරමුණින් ස්වයං රැකියාවක් ලෙස ඉටිපන්දම් නිෂ්පාදනයේ නියැළීමට කැමති ප්‍රතිලාභීන් 26ක් ඉලක්ක කර ගනිමින් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය විදාතා සම්පත් මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර සම්බන්ධීකාරක චමින්ද සමරමාන්න මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලද අතර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව වසමට අනුයුක්ත රාජ්‍ය නිලධාරීන් විසින් වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.

















