හෝමාගම යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය හා පස්වන තරුණ පාර්ලිමේන්තුව එක්ව සංවිධානය කල ලේ දංදීමේ කඳවුර පසුගියදා (2021.05.30 ) හෝමාගම විල්ෆ්රඩ් සේනානායක ක්‍රීඩංගනයේ සුනිල් පෙරුම්බුලි ශාලාවේදී පැවැත්වුනා .
රුධිර පරිත්‍යාගශීලීන් 150 කට අධික පිරිසක් මෙදින ලේ දංදීමට පැමිණිි අතර 121 දෙනෙකුගේ රුධිරය ලබාගැනීමට හැකිවුනා.
ආයුර්වේද සංවර්ධන නිලධාරිනී ජී.වී.නිලන්ති මහත්මියගේ සම්බන්ධීකරණයෙන් ලේ පරිත්‍යාගශීලී සියළු දෙනාටම දේශීය ඖෂධ පැළයක් ලබාදීමට කටයුතු තරනු ලැබුවා .
මෙදින හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා , සහකාර ප්‍රාදේශීය ලේකම් වත්සලා රණසිංහආරච්චි මහත්මිය , ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපති දමිත වික්‍රමසිංහ මහතා , සභා අධ්‍යක්ෂිකා දුෂාන්ති හපුගොඩ මහත්මිය , සභා අධ්‍යක්ෂක හේමන්ත ශ්‍රී ලාල් මහතා, සභා අධ්යක්ෂ ඉෂංක චතුරංග මහතා, සහකාර අධ්යක්ෂ ( විශේෂ ව්‍යාපෘති) චන්න ගුණරත්න මහතා ඇතුළු විශේෂ ව්‍යාපෘති අංශයේ නිලධාරීන් , කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ සුමිත් ගල්ඔළුව මහතා, තරුණ සේවා නිලධාරී නීල්සිරි කත්‍රිආරච්චි මහතා ඇතුළු හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ක්ෂෙත්ර නිලධාරීන් සහභාගී වුනා .
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය තරුණ සේවා නිලධාරිනී දර්ශිකා වාකිෂ්ට මෙනවියගේ මූලිකත්වයෙන් මෙම ලේ දංදීමේ කඳවුර සංවිධානය කරනු ලැබුවා .

















