කොවිඩ්  19 වසංගත තත්ත්වය තෙවන ව්‍යාප්තිය  හේතුවෙන්  සංචරණ සීමා පැනවීමත් සමග හම්බන්තොට  දිස්ත්‍රික්කයේ  " ගස්ලබු "  වගා ගොවීන්  හට තම  ගස්ලබු  අස්වැන්න  අලෙවි කර ගත නොහැකිව  සිටි මොහොතක රජය මැදිහත්  වී එම " ගස්ලබු  " පළතුරු  අඩුආදායම් ලාභී  ජනතාව  වෙත නොමිළයේ ලබාදීමට කටයුතු  කරනු  ලැබුවා .
කොළඹ දිස්ත්‍රික්  ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ  මූලිකත්වයෙන්  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙත ලද "ගස්ලබු" කිලෝග්‍රෑම්  9000 ක් (ගස්ලබු  ගෙඩි 6000 ක් )  ග්‍රාම නිලධාරී වසම් 27 ක අඩුආදායම්ලාභී  ජනතාව  වෙත ලබාදීම සිදුකෙරුනේ   2021.06.02 සහ 03 දිනවලදී .
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක  මහතාගේ උපදෙස් පරිදි  පරිපාලන ග්‍රාම නිලධාරී රුවන්  තිලක මහතාගේ  අධීක්ෂණයෙන්    ග්‍රාම නිලධාරී කොට්ඨාස 27 ක ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් ප්‍රමුඛ  ග්‍රාම නිලධාරී වසම්හි ක්⁣ෂේත්‍ර  රාජ්‍ය නිලධාරී  කණ්ඩායමේ  සහායෙන් ගස්ලබු පළතුර  අඩුආදායම්ලාභී  ජනතාව  වෙත ලබාදීම  සිදුකෙරුනා .

1

 

2

 

 

3

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top