කොවිඩ් 19 වසංගත තත්ත්වය තෙවන ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පැනවීමත් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ " ගස්ලබු " වගා ගොවීන් හට තම ගස්ලබු අස්වැන්න අලෙවි කර ගත නොහැකිව සිටි මොහොතක රජය මැදිහත් වී එම " ගස්ලබු " පළතුරු අඩුආදායම් ලාභී ජනතාව වෙත නොමිළයේ ලබාදීමට කටයුතු කරනු ලැබුවා .
කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ මූලිකත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙත ලද "ගස්ලබු" කිලෝග්‍රෑම් 9000 ක් (ගස්ලබු ගෙඩි 6000 ක් ) ග්‍රාම නිලධාරී වසම් 27 ක අඩුආදායම්ලාභී ජනතාව වෙත ලබාදීම සිදුකෙරුනේ 2021.06.02 සහ 03 දිනවලදී .
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් පරිදි පරිපාලන ග්‍රාම නිලධාරී රුවන් තිලක මහතාගේ අධීක්ෂණයෙන් ග්‍රාම නිලධාරී කොට්ඨාස 27 ක ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් ප්රමුඛ ග්‍රාම නිලධාරී වසම්හි ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරී කණ්ඩායමේ සහායෙන් ගස්ලබු පළතුර අඩුආදායම්ලාභී ජනතාව වෙත ලබාදීම සිදුකෙරුනා .

















