සමෘද්ධි , ගෘහ  ආර්ථික , ක්ෂුද්‍ර  මුල්‍ය, ස්වයං  රැකියා  හා ව්‍යාපාර  සංවර්ධන  රාජ්‍ය  අමාත්‍යාංශය   මගීන්   2021 ජූලි  මස 01 සිට ජූලි  07 දින දක්වා ප්‍රකාශයට  පක්කර ඇති   " සෞභාග්‍යා  - සමෘද්ධි  සතිය "   හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසය තුල ක්‍රියාවට නන්වමින්  ,ගෘහ ආර්ථික  පෝෂණය  වැඩිදියුණු  කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික  ගෙවතු වැඩසටහන  2020 - 2021 මහ කන්නය යටතේ  මසක් වයසැති  කිකිලි  පැටවුන්  සමෘද්ධි ප්‍රතිලාභීන්  හා අඩු ආදායම් ලාභී එකොලොස් දෙනෙකු  ( 11 )  වෙත ලබාදීම හා ගෘහාශ්‍රිත  කුකුල් පාලනය පිළිබඳ  දැනුවත්  කිරීම     අද දින ( 2021.07.01)  හෝමාගම  ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලයේ දී සිදුකෙරුනා.

මෙදින  සමෘද්ධි ප්‍රතිලාභීන් හා  අඩු ආදායම් ලාභීන් එකොලොස්  දෙනෙකු  ( 11)   සදහා එක් ප්‍රතිලාභියෙකුට කිකිලි  පැටව් දහදෙනෙකු ( 10 ) වනසේ  කිකිලි  පැටව්  එකසිය දහදෙනෙකු  ( 110 )   බෙදාදීම සිදුකෙරුනා. මෙහි මුල්‍ය වටිනාකම  රුපියල්  හතලිස් හතර දහසක්  ( රු.44,000/= )
ගෘහ ආශ්‍රිත  කුකුල් පාලනය  පිළිබඳ  දැනුවත්  කිරීම  හෝමාගම  පශු වෛද්‍ය  නිලධාරී  පී.කේ.ගමගේ මහතා  විසින්  සිදුකරනු  ලැබුවා. හෝමාගම පශු වෛද්‍ය කාර්යාලයේ සත්ත්ව  සංවර්ධන   උපදේශක  ජේ.කේ.ටී.අයි. ජයමාන්න මහතා ද මෙම අවස්ථාවට  එක්වුනා .
හෝමාගම ප්‍රාදේශීය ලේකම්  බී.ඒ.ඩී. චින්තක  මහතාගේ ප්‍රදානත්වයෙන් හා සහකාර ප්‍රාදේශීය ලේකම් වත්සලා රණසිංහආරච්චි මහත්මිය , ගණකාධිකාරි  දිලුම්  මධුරංගන මහතා හා  සමෘද්ධි ව්‍යාපෘති කලමණාකරු පියනන්ද සමන් කුමාර මහතා ගේ සහභාගිත්වයෙන් කිකිලි  පැටව් බෙදාදීම සිදුකෙරුනා .  
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී .ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස්  හා මග පෙන්වීම  මත මූලස්ථාන සමෘද්ධි කලමණාකරු ප්‍රියන්ති ගුණවර්ධන මහත්මියගේ හා  සමෘද්ධි ව්‍යාපෘති කලමණාකරු පියනන්ද සමන් කුමාර මහතා ගේ අධීක්ෂණයෙන්  සමෘද්ධි  ප්‍රජා මූල බැංකු  සමීතියේ ව්‍යාපෘති  සහකාර රේණුකා ජයසූරිය මහත්මිය විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය  කරනු ලැබුවා .

 

10smurdhi

3smurdhi

1smurdhi

8smurdhi

2smurdhi

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top