සමෘද්ධි ලාභී පවුල්  ලක්ෂ දෙකක්  සවිබල  ගැන්වීමේ  වැඩසටහන හරහා  සෑම ග්‍රාම නිලධාරී වසමකම කාබනික පොහොර   ඒකකයක්  ආරම්භ  කිරීම  වැඩසටහන යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ප්‍රථම කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීම හා ප්‍රායෝගික පුහුණු වැඩසටහන මීගොඩ සමෘද්ධි කලාපයේ  වටරැක දකුණ ග්‍රාම නිලධාරී  වසමේදී  2021.07.16  දින පෙරවරුවේදී  සිදුකරනු  ලැබුවා .


ඒ හෝමාගම සහකාර  ප්‍රාදේශීය ලේකම්  බී.එස්.කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන් .

කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීම හා ප්‍රායෝගික පුහුණු වැඩසටහන  සිදුකරන ලද්දේ හෝමාගම කෘෂි කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීම හා ප්‍රායෝගික පුහුණු වැඩසටහන  සිදුකරන ලද්දේ හෝමාගම කෘෂි උපදේශක  එච්.ඒ.අයි.ගුණසේන මහතා විසින් .


මීගොඩ සමෘද්ධි කලමණාකරු ඒ.ආර්.රූපසිංහ මහතා, ව්‍යාපෘති කලමණාකරු පියනන්ද සමන් කුමාර මහතා , ව්‍යාපෘති සහතාර රේණුකා ජයසූරිය මහත්මිය , මීගොඩ සමෘද්ධි කලාපයේ සමෘද්ධි නිලධාරින්  හා මීගොඩ සමෘද්ධි කලාපයට අයත් ග්‍රාම නිලධාරී වසම් 18 හි සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන වල සභාපති වරුන්  මෙම අවස්ථාවට එක්වුනා .


හෝමාගම ප්‍රාදේශීය ලේකම්  බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් පරිදි  සමෘද්ධි කලමණාකරු ඒ.ආර් .රූපසිංහ මහතාගේ  අධීක්ෂණයෙන් වටරැක දකුණ සමෘද්ධි සංවර්ධන නිලධාරී තුසිර ඉන්දික කරුණාරත්න  මහතා විසින්  ⁣මෙම වැඩසටහන  සම්බන්ධීකරණය  කරනු  ලැබුවා .

 

716 1

716 2

716 3

716 4

716 5

716 6

716 7

 

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top