
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සම්බන්ධීකරණ කමිටුව 2021.03.01 දින එහි ගරු සභාපති වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, ගරු උප සභාපති බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රි ජනක වැලිවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණගාරයේ දී පැවැත්විය. මෙම අවස්ථාව සදහා ගරු බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරු ,හෝමාගම ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති ඇතුළු ගරු මන්ත්‍රිවරු ,හෝමාගම ප්‍රාදේශිය ලේකම් ,සහකාර අධ්‍යක්ෂ( සැලසුම්) ,සංවර්ධන නිලධාරින්, ග්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර හා ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු අනෙකුත් රාජ්ය ආයතනයන්හි නිලධාරීන් සහාභාගී විය.


" දැයට එළිය" සැමට විදුලිය ලබාදීමේ ජාතික වැඩසටහන / හෝමාගම
ලංකා විදුලි බල මණ්ඩලය , විදුලිබල අමාත්‍යාංශය හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශය එක්ව ගෘහස්ථ විදුලිය නොමැති සමෘද්ධි ලාභීන්ට හා පොරොත්තු ලේඛනගත අඩුආදායම්ලාභීන්ට නොමිලයේ විදුලි සම්බන්ධතාව ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව හෝමාගම කොට්ඨාසයේ සමාරම්භක උත්සවය 2021-03-20 දින හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩංගනයේ සුනිල් පෙරුම්බුලි ශාලාවේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සම්පත් ජයසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරුනා . හෝමාගම ප්‍රාදේශීය සභාවේ ගරු උප සභාපති බන්දුල රන්ජන් ඉලේපෙරුම මහතා ප්‍රමුඛ සියළු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් , වෙළඳ කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් සිරිපාල දේවමුල්ල මැතිතුමා , ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ පාලිත කුමාර මහතා, හෝමාගම විදුලි ඉංජිනේරු ජීවන්ති චන්ද්‍රසේකර මෙනවිය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ සැලසුම් නිලංකා සම්පත් මහත්මිය , සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු නොමිලයේ විදුලි සම්බන්ධතාව ලබාගැනීමට සුදුසුකම් ලැබූවන් මෙම අවස්ථාවට එක්ව සිටියා. නොමිලයේ විදුලි සම්බන්ධතාව ලබාදීමට සුදුසුකම් ලැබූවන් ගේ නිවෙස් වල අභ්‍යන්තර විදුලි රැහැන් ඇදීම ඇතුළු අනෙකුත් කටයුතු සදහා දැරීමට සිදුවන වියදම් සදහා සහන පොලියක් මත සමෘද්ධි ප්‍රජා මූල බැංකු හරහා " සමෘද්ධි ආලෝක" ණය මුදලක්ද ලබාදීමට කටයුතු කෙරේ. කිරිගම්පමුණුව 'සුහස්සි' කලායතනය මගීන් ඉදිරිපත් කල නර්තනාංග කිහිපයකින් මෙදින උත්සවය අලංකාරවත් වුනා.



කොවිඩ් 19 නිසා කඩා වැටුනු ව්‍යාසායකයින් වෙනුවෙන් කායික හා මානසික සෞඛ්‍ය හා ආර්ථික තත්වය නගා සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ ව්‍යසායකයින් 12 දෙනකු සඳහා මූල්‍යමය ප්‍රදාන ලබාදිම පිළිබද ව සහ එම ව්‍යාසයකයින්ට හා සමාන්‍ය ජනතාවට කොවිඩ් දැනුන ආකාරය පිළිබඳ "කොවිඩ් -19 කතා වස්තුව" නමින් පොතක් එලි දැක්වීම හා කොවිඩ් 19 කාලය තුළ කැපවිමෙන් රාජකාරි කළ රාජ්‍ය නිළධාරින් 08 දෙනකු ඇගයිමේ වැඩසටහන 2021.01. 26 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දි පවත්වන ලදි.
මෙහි දි කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මිය, කොළඹ ප්‍රාදේශීය ලේකම් කංචනා ගුණවර්ධන මහත්මිය, අපදා කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂක බිගේඩියර් කනිෂ්ක හෙයියන්තුඩුව, අපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා, හෝමාගම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය ජගත් කුමාර මහතා, කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ වෛද්‍ය දිලුකා ගුරුගේ මහත්මිය, දෙමටගොඩ ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.ඒ.එස්. පෙරේරා මහතා යන නිලධාරින් ඇගයිමට ලක් කරන ලදි.
මෙම වැඩසටහන සර්වෝදය කොළඹ දිස්ත්‍රික් කාර්යාලය හා ශාන්ති සේනා සංවිධානය විසින් සංවිධානය කරන ලද අතර UNDP රාජ්‍ය නොවන සංවිධානය මූල්‍ය දායකත්වය දරණ ලදි. මෙම අවස්ථාව සඳහා සර්ව ආගමික නායකයින් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින් හා කොළඹ දිස්ත්‍රික්කයේ සර්වෝද සමිතිවල නිළධාරින් ද සහභාගි විය.
















