හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ අරමුණු පෙරදැරිව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.07.14 ප.ව.2.00 ට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මේ සඳහා හෝමාගම සම්බන්ධීකරණ කමිටුවේ ගරු  සභාපති අරුණ පනාගොඩ මැතිතුමා,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසන්ත දොඩාවත්ත මැතිතුමා, ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු අනෙකුත් මන්ත්‍රීතුමන්ලා හා තුමියන්ලා ද ප්‍රාදේශීය ලේකම්තුමා,සහකාර ප්‍රාදේශීය ලේකම්, නියෝජ්‍ය අධ්‍යක්ෂක ක්‍රම සම්පාදන හා රාජ්‍ය නිලධාරීන් මෙන්ම මහජනතාව ද සහභාගී වි‍ය.

Divisiondayjuly

Divisiondayjuly 2

Divisiondayjuly 3

Divisiondayjuly 4

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්විණ.මේ සඳහා ගොඩගම පුරාණ විහාරාධිපති පූජ්‍ය කොටිගල නන්දරතන නායක මාහිමිපාණන් වහන්සේ සහ  දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මැතිතුමා ,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් සිල්වා මැතිතුමා සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී චින්තක මැතිතුමා ,සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර මැතිතුමා, ග්‍රාම නිලධාරී ධම්මික කරුණාතිලක මහත්මා ,ප්‍රජා ශක්ති සංවර්ධන නිලධාරී ලක්සිරි මහත්මා, ප්‍රජා ශක්ති සංවර්ධන නිලධාරී අප්සරා මහත්මිය සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහයෝගයෙන් සහ සමාජ සේවා අංශයේ මූලිකත්වයෙන්  පවත්වන ලදී. ආබාධ සහිතවූවන් එකසිය පනහක් සහ ඔවුන්ගේ දෙමාපියන් මේ සඳහා සහභාගී විය.

202605053disablechild

202605053disablechild 2

202605053disablechild 3

202605053disablechild 4

202605053disablechild 5

202605053disablechild 6

 

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්ගේ නිර්මාණශීලී කුසලතාවයන් සංවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද "නිවේදන සහ කටහඬ පුහුණු වැඩසටහන" කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී  සාර්ථකව පැවැත්විණි.

 ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණයෙන් , සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්ප මූලයෙන් සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ප්‍රවීන  රූපවාහිනී, ගුවන්විදුලි නිවේදිකා, හඬ රංගවේදිනී, ගායන  ශිල්පිනී උදානි රත්නායක මහත්මිය විසින් ලබාදෙන ලදී.

විධිමත්ව සහ ආකර්ෂණීයව වැඩසටහනක් මෙහෙයවීම සඳහා මූලික දැනුම සහ මග පෙන්වීම ද සන්නිවේදනයෙහි වැදගත්කම, කටහඬ සංවර්ධනය කිරී⁣මේ අභ්‍යාස ආදි ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙම වැඩසටහනෙහි අන්තර්ගත විය.

මේ සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා සහ කාර්යාලයෙහි විවිධ අංශ නියෝජනය කරමින් නිලධාරීන් 30ක් පමණ සහභාගී විය.

කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

 

202605051announcement 2

202605051announcement 2

202605051announcement 3

202605051announcement 4

202605051announcement 6

හෝමාගම හේවාගම්කෝරලය  ශාසනාරක්ෂක මණ්ඩලය මගින් සංවිධානය කරන ලද  මාඹුල්ගොඩ  හා මීගොඩ 1 කලාපයේ දහම් පාසල් ශිෂ්‍ය නායකත්ව කදවුර 2026.05.02 වන දින නියදගල පුෂ්පාරාම විහාරස්ථානයේ දී  හා මීගොඩ භික්ෂු භාවනා මධ්‍යස්ථානයේ දී ප්‍රාදේශිය ලේකම් බී. ඒ. ඩී චින්තක මහතාගේ හා සහකාර ප්‍රාදේශිය ලේකම් චමල් ඩී.තේනුවර මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් හා සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදි.

මාඹුල්ගොඩ කලාපයේ නායකත්ව කඳවුර සඳහා සම්පත් දායකත්වය හේවාගම්කෝරලය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි පූජ්‍ය කොටිගල නන්දරතන හිමි,සහකාර ප්‍රාදේශිය ලේකම් චමල් ඩී. තේනුවර මහතා, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි කේ. ප්‍රතාපගේ මහතා , ක්‍රීඩා නිලධාරි ප්‍රබුද්ධ චින්තක මහතා විසින් ලබා දෙන ලදි.

මෙම  අවස්ථාවට බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරි, ළමාරක්ෂක නිලධාරි, ග්‍රාම නිලධාරි,ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි හා දහම් පාසල් ගුරුභවතුන් සහභාගි විය.මීගොඩ 1 කලාපයේ නායකත්ව කඳවුර සඳහා සම්පත් දායකත්වය ගරු ලේඛකාධිකාරි පූජ්‍ය කොටිගල නන්දරතන හිමි,සහකාර ප්‍රාදේශිය ලේකම් චමල් ඩී.තේනුවර මහතා, තරුණසේවා නිලධාරි සංජීව ප්‍රදීප් මහතා, උපදේශන නිලධාරි සමන්ත අරඹේපොල මහතා ,  ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ධම්මිකා ස්වර්ණසීලි මිය විසින් ලබා දෙන ලදි.

මෙම  අවස්ථාවට බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරි, ගොඩගම උතුර ප්‍රජාසවිබල ගැන්විමේ නිලධාරි ,ග්‍රාම සංවර්ධන නිලධාරි  හා දහම් පාසල් ගුරුභවතුන්  සහභාගි විය.  වැඩසටහන සංවිධාන සහය හේවාගම්කෝරලය ශාසනාරක්ෂක තරුණ සභාව මගින් සිදු කරන ලදි.

202605052camp

202605052camp 5

202605052camp 2

202605052camp 8

 

දේශිය සංස්කෘතිය අනාගත පරපුරට දායාද කිරීම අරමුණු කොට ගෙන  ගොක් නිර්මාණ පුහුණු වැඩමුළුවක් 2026/03/19,20 යන දෙදින තුල හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ රංග ශාලාවේ දි එම විද්‍යාලයේ 9 හා 10 ශ්‍රේණිවල ඉගෙනුම ලබන නර්තනය හා චිත්‍ර  විෂය හදාරන සිසුන් වෙනුවෙන් පවත්වන ලදි.

ප්‍රවීන ගොක් නිර්මාණ ශිල්පී රංජිත් ප්‍රියංකර මහතා ගේ සම්පත්දායකත්වයෙන් ,සංස්කෘතික කටයුතු  දෙපාර්තමේන්තුවේ "වත්සර පියවර "සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ ප්‍රතිපාදන මගින් පැවැත්වු මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් තුමාගේ පූර්ණ අධ්ක්ෂණය ,උපදේශකත්වය හා මගපෙන්වීම මත සංස්කෘතික නිලධාරී නාලනී ස්වර්ණලතා මහත්මිය ගේ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලදී .

202604222gokcraft

202604222gokcraft 2

202604222gokcraft 3

202604222gokcraft 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top