හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිසර අංශයේ විසින් ප්‍රකාශයට පත්කරන ලද මිහිනද පාරිසරික සඟරාව එළිදැක්වීම සහ දියගම ඇතුළු කොළඹ අවට පිහිටි කුඩා වන ලැහැබ වලින් ලබාගත් වනජීවී ඡායාරූප 40කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරන ලද වන ජීවී ඡායාරූප ප්‍රදර්ශනය 2025.12.26 දින හෝමගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මැතිතුමියගේ ප්‍රධානත්වයෙන්  පවත්වන ලදී.

මෙම උත්සවයේ සමාරම්භක අවස්ථාව සඳහා හෝමගම  ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, ගොඩගම පුරාණ විහාරයේ විහාරාධිපති, පූජ්‍ය කොටිගල නන්දරතන ස්වාමීන් වහන්සේ සහ හෝමාගම උඩ ගහපත්තුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ  ලේඛකාධිකාරී කැස්බෑවේ නන්දන පිරිවනෙහි නියෝජ්‍ය පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය මිරිස්වත්තේ ඉන්දසිරි හිමි ප්‍රමුඛ සංඝරත්නය හා හෝමාගම සම්බන්ධීකරණ කමිටු සභාපති අනුර පනාගොඩ මැතිතුමන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රේණුකා ලියනගේ මහත්මිය ඇතුළු දේශපාලන නියෝජිතයන්, පරිසර අමාත්‍යාංශයේ සහකාර ලේකම්තුමන් , හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමන්, පාදුක්ක ප්‍රාදේශීය ලේකම්තුමිය ,මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂකතුමන්,හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන්, අවට පාසල් වල විදුහල්පතිවරුන්, පරිසරවේදීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

පරිසර අමාත්‍යාංශයේ වායු කළමනාකරණ සහ ඕසෝන් ඒකකය මගින් මිහිනද සඟරාව සඳහා මූල්‍යදායකත්වය  ලබාදෙන ලද අතර Softlogic life පෞද්ගලික සමාගම, ගොඩගම වෙළඳ සංගමය ඇතුළු ව්‍යාපාරික බවතුන් විසින් ඡායාරූප ප්‍රදර්ශනය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදෙන ලදී.

20260116mihinada

20260116mihinada 2

20260116mihinada 3

20260116mihinada 4

20260116mihinada 5

20260116mihinada 6

20260116mihinada 7

2025.02.07 දින සිට ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීම යටතේ ආරම්භ කළ වෛද්‍යාධාර ගෙවීම් ක්‍රියාවලියේ දිවයිනේ වැඩිම ප්‍රතිලාභින් පිරිසක් වෙනුවෙන් ගෙවීම් කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වශයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 75 වන ප්‍රතිලාභියා වෙනුවෙන් හිමි චෙක්පත 2026.01.01 දින ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා විසින්  ලබා දෙන ලදී.

මෙම විශේෂ අවස්ථාව සඳහා හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහතා සහ ගණකාධිකාරි පී.ආර්. කුරුප්පුඅච්චිගේ මහතාද  සහභාගි විය.

2025123106presidentfund2

 ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර නොවන සේවා යටතේ 592 ඒ -  සියඹලාගොඩ දකුණ ග්‍රාම නිලධාරි  වසමේ පදිංචි දරුවන් දෙදෙනෙකු වෙත හිමි අධ්‍යාපන ආධාර  ප්‍රථම චෙක්පත  2026.01.01 දින ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා විසින්  දරුවන්ගේ මව වෙත ලබා දෙන ලදී.

මෙම විශේෂ අවස්ථාව සඳහා හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහතා, සමාජ සේවා නිලධාරින් සහ විෂය නිලධාරි සහභාගි විය.

2025123107presidentfund1

බස්නාහිර පළාත් ක්‍රීඩා අමත්‍යංශය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,බස්නාහිර  පළාත්  පෙර පාසල් ඒකකය, පෙර පාසල් ගුරුවරියන් සඳහා ශාරීරික චලන අභ්‍යාසවල යෙදීම හා නිවැරදි ඉරියව් පවත්වාගෙන යෑම පිළිබඳව එක්දින ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් දෙසැම්බර් මස 08 සඳුදා දින උදෑසන 08.00 සිට සවස 04.00 දක්වා හෝමාගම මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.පෙර පාසල් ගුරුවරියන් 112කු මේ සදහා සහභාගී වු අතර පෙර පාසල් ඒකකයේ සුනිල් බණ්ඩාර මහතා හා මුල් ළමාවිය සංවර්ධන නිලධාරී  චමරි ලක්මාලි මහත්මියගේ දායකත්වය මෙි සදහා ලැබුණි.මුල්‍ය දායකත්වය හා සම්පත් දායකත්වය  බස්නාහිර පලාත් ක්‍රීඩා  අමාත්‍යංශය මගින් සිදු කරන ලදී.     

2025123109sportseminar

2025123109sportseminar 2

2025123109sportseminar 3

2025123109sportseminar 4

2025123109sportseminar 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top