RPL ක්‍රමවේදයට අනුව NVQ සහතිකයක් ලබාගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ  අරමුණ පෙරදැරිව සංවිධානය වූ මෙම වැඩසටහන   2026-03-19වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

මෙහිදී,  රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අදාළ ප්‍රායෝගික පුහුණුව (පේෂල්) ප්‍රතිලාභීන්  54 දෙනෙකු වෙත ලබාදෙන ලදී.

මේ සඳහා සම්පත් දායකත්වය ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය  නියෝජනය කරමින් බිමායා මධුෂානි මිය  සහ  පරීක්ෂක Hair, Beauty Bridal Instructor TVEC Assessor, නෙතලි අනෝමා කොළඹගේ  මිය විසින් ලබාදෙන ලදී.

මේ අවස්ථාව සඳහා  පරිපාලන ග්‍රාම නිලධාරී වින්ධ්‍යා ලක්ෂිතා මිය, දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී ආනන්ද විජේකෝන් මයා,මානව සම්පත් සංවර්ධන නිලධාරී, නයනා කුමුදුනී මිය  අැතුළු රාජ්‍ය නිලධාරීන් සහ පිරිස සහභාගී විය.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත මෙම වැඩසටහන කාර්යාලයීයමානව සම්පත් සංවර්ධන නිලධාරී සහ නිපුණතා සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කරන ලදී.

202604221beuauty

202604221beuauty 2

202604221beuauty 3

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ අරමුණු පෙරදැරිව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.01.29 පෙ.ව.9.30 ට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මේ සඳහා හෝමාගම සම්බන්ධීකරණ කමිටුවේ ගරු  සභාපති අරුණ පනාගොඩ මැතිතුමා,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු ජනිත කොඩිතුවක්කු මැතිතුමා,ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මැතිතුමා,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසන්ත දොඩාවත්ත මැතිතුමා, ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු අනෙකුත් මන්ත්‍රීතුමන්ලා හා තුමියන්ලා ද ප්‍රාදේශීය ලේකම්තුමා,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා,නියෝජ්‍ය අධ්‍යක්ෂක ක්‍රම සම්පාදන හා රාජ්‍ය නිලධාරීන් මෙන්ම මහජනතාව ද සහභාගී වි‍ය.

මෙම රැස්වීම ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත සංවර්ධන අංශයේ නිලධාරීන් විසින් සංවිධානය හා සම්බන්ධීකරණය කරන ලදී.

20260217 4divisiondayjan

20260217 4divisiondayjan 2

20260217 4divisiondayjan 4

 

ජනාධිපති අරමුදලේ වෙනත් සේවා යටතේ කොළඹ දිස්ත්‍රික් නියෝජනයේ ප්‍රථම ස්වයං රැකියා උපකරණය වශයෙන් හෝමාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 481 - හබරකඩ උතුර වසමේ පදිංචි ඩී.එස්.එස්.දහනායක මිය වෙත රු.125,825ක් වටිනා නූල් 5 ඕවර්ලොක් මැෂිමක් ප්‍රදානය කිරීම හෝමාගම  ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මැතිතුමා, හෝමාගම ප්‍රාදේශීය ලේකම් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් 2026.02.16 දින කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා  හබරකඩ උතුර වසමේ ග්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි සහ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි  සහභාගි විය.

20260217presidentfund

හින්දු ප්‍රජාවගේ සංස්කෘතික  අනන්‍යතා  පිළිබිඹු කරනු  ලබන තෛපොංගල් උත්සවයට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ  තෛපොංගල් සැමරුම් උත්සවය 2026 -02-20 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී උත්සවශ්‍රීයෙන් පවත්වන්නට යෙදුණි.

ජාතීන් අතර සංහිඳියාව සහ සහජීවනය ඇති කිරීමේ අරමුණින් සංවිධානය වූ මෙම උත්සවය සඳහා  හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමන්,  සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්, දෙමළ විෂයභාර සහකාර අධ්‍යක්ෂ (පිරිවෙන්) ලලිත් ධම්මික කුමාර මහතා,  ගුරු උපදේශක ඉන්දික විජේසිංහ මහතා, කාර්යාලයීය පරිපාලන නිලධාරීතුමිය සහ පරිපාලන ග්‍රාම නිලධාරීතුමිය අැතුළු ආරාධිත අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා ඉලක්කගත ප්‍රතිලාභී කණ්ඩායම වශයෙන් පාසල් දරුවන්, දෙමාපියන් සහ රාජ්‍ය නිලධාරීන් 250කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වය හිමිවූ අතර,  හින්දු චාරිත්‍රානුකූල පිළිවෙත් සහ විචිත්‍ර නර්තනාංගයන්ගෙන් මෙම උළෙල වඩාත් අලංකෘත විය.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීමෙන්  කාර්යාලයීය ජාතික  ඒකාබද්ධතා සම්බන්ධීකාරක එල්.පී.එස්.ප්‍රසාදිකා මියගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සංවිධානය විය.

20260130thaipongal

20260130thaipongal 2

20260130thaipongal 3

20260130thaipongal 4

20260130thaipongal 5

20260130thaipongal 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top