කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්වය ඉහළ නංවාලීම හා බෝ නොවන රෝගවලින් ආරක්ෂා කිරීමේ අරමුණින්, සිද්ධමුල්ල දකූණ ග්‍රාම නිලධාරි වසමේ ප්‍රජාපති කාන්තා කාර්ය සංවිධානයේ සාමාජිකාවන් ඇතුළු ප්‍රදේශයේ කාන්තාවක් 40ක් පමණ කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් පියයුරු පිළිකා පරීක්ෂා කිරීමේ සායනයක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම 2025.10.23වන දින සංඝාරාම ළමා හා මාතෘ සායනයේ දී සිදු කරන ලදී.
මේ සදහා කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක ධර්මරාජ, අතිරේක සෞඛ්‍ය වෛද්‍ය ෂමිල, මහජන සෞඛ්‍ය නිලධාරිනී D.N.S. ඇතුගල, පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි නයනකාන්තී,කුඩමාදූව වසම්භාර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී AJ P වීරසිංහ, සිද්ධමුල්ල දකුණ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී N.K.C මල්කාන්ති සහ K.J.M ලංකා යන මහත්ම මහත්මීන් විසින් සම්පත් දායකත්වය ලබා දුන් අතර,සංවර්ධන නිලධාරී H.R.N.R.සංජීවනී, ප්‍රජාපති කාන්තා කාර්ය සංවිධානයේ නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීනි රුපීකා දයානි මහත්මිය විසින් වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණය කිරීම සිදු කරන ලදී.
ආබාධ සහිත රැකියා ගත වු පුද්ගලයන් ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීම හා රැකියා අපේක්ෂිත ආබාධ සහිත පුද්ගලයන් අභිප්‍රේරණය කිරිමේ අරමුණ ඇතිව 2025/10/23 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි "සිහින ලංකා " නමින් වැඩසටහනක් පවත්වන ලදී .
මේ සදහා ආබාධ සහිත පුද්ගලයන් හා ඔවුන් ගේ දෙමාපියන් ඇතුලු 50 දෙනෙක් සහභාගි වු අතර මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය හා සම්බන්ධීකරණය සමාජ සේවා නිලධාරී යමුනා රාජපක්ෂ ,සමාජ සංවර්ධන නිලධාරී එම්.කේ.හර්ෂණ හා මානව සම්පත් නිලධාරී ඒ.නන්දනි විසින් සිදු කරන ලදී .
ලෝ වාසී හින්දු ප්‍රජාව මහත් උත්සව ශ්‍රීයෙන් සමරනු ලබන දීපාවලී උත්සවයෙහි අරුත වඩාත් ඔප් නැංවෙන සේ පාසල් සිසුන් වෙත සංහිඳියා සංකල්පය මතු කරමින් සංවිධානය කරන ලද දීපාවලී සැමරුම් උත්සවය පසුගියදා මත්තෙගොඩ විද්‍යාදීප විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ සඳහා විද්‍යාලයීය සිසුන් 150ට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර, ඒ සඳහා සම්පත්දායකත්වය භාෂා උපදේශක ඉන්දික විජේසිංහ මහතා විසින් ලබාදෙන ලදී.ප්‍රාදේශීය ලේකම්තුමාගේ මගපෙන්වීමෙන් , අධිකරණ, ජාතික එකාබද්ධතා අමාත්‍යාංශයෙහි අනුග්‍රහයෙන් කාර්යාලයීය ජාතික ඒකාබද්ධතා නිලධාරී එල්.පී.එස්.ප්‍රසාදිකා මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
හෝමාගම හා කැස්බෑව අධිකරණ මගින් විශෝධනය සඳහා යොමු කරන ලද ආඥාලාභීන්ගේ ආධ්‍යාත්මික සහ කායික, මානසික සුවතාව වෙනුවෙන් වැඩසටහන් පෙළක් මත්තෙගොඩදී.......
මත්තෙගොඩ බටහිර ශ්‍රී සරණ ධම්ම විහාරස්ථානයේ 2025.10.24 දිනට යෙදෙන වාර්ෂික කඨින පූජෝත්සවය වෙනුවෙන්, 2025.10.22 වන දින ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ ශ්‍රම දායකත්වය යොදා ගනිමින් විහාරස්ථ භූමිය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කරන ලදී.
ඒ හා සමගාමීව ආඥාලාභීන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් මත්තෙගොඩ ශ්‍රී සරණ ධම්ම විහාරස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය හඟුරන්කෙත විමලධම්ම ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බෝධි පූජා පිංකමක් හා ධර්ම දේශනාවක් ද,
මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.පී.එච්.පී. මංජුල මහත්මාගේ සම්පත් දායකත්වයෙන් ආඥාලාභීන්ගේ කායික හා මානසික සෞඛ්‍යය නංවාලීම වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලදී.
කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරී සමන් තිබ්බටුවාව සහ මත්තෙගොඩ බටහිර සමෘද්ධි නිලධාරී වයි. කේ. ඇල්විටිගල යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා හෝමාගම හා කැස්බෑව යන අධිකරණ මගින් විශෝධනය සඳහා යොමු කරන ලද ආඥාලාභීන් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සම්බන්ධ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී (ප්‍රජා විශෝධන) ජී.වී.එන්.පී. ජයරත්න, ජේ.ඒ. වාසනා ජයසිංහ සමඟ මත්තෙගොඩ බටහිර සංවර්ධන නිලධාරී එච්. කේ. දීපා දිමුතු යන මහත්මීන් විසින් මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය සිදු කරන ලදී...
.
මීගොඩ උතුර සර්වෝදය බැංකු ශාඛාව විසින් කොළඹ ජාතික ලේ බැංකු හා සම්බන්ධව 2025.10.26 වන දින මීගොඩ දෙනිය ප්‍රජා ශාලා භූමියේදී ලේ දන්දීමේ කඳවුරක් සාර්ථකව පවත්වන ලදී.
මෙහිදී තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා මීගොඩ හා ඒ අවට පරිත්‍යාගශීලීන් රැසක් සම්බන්ධ වු අතර මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ප්‍රදේශ වාසීන්ගේත් රාජ්‍ය නිලධාරීන්ගේත් සහයෝගයද නොවඩුව ලැබිණි.
.














