සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් තුළ ඩෙංගු රෝගය මර්දනය කිරීමේ අරමුණින් හබරකඩ හා ඒ අවට ප්‍රදේශවාසීන් විසින් 2025.09.27 දින හබරකඩ පොදු සුසාන භූමිය හා ඒ අවට භූමිය එළිපෙහෙළි කිරීමේ මහා ශ්‍රමදානයක් පවත්වන ලදී.
හබරකඩ වසම භාර සංවර්ධන නිලධාරී තුමිය සමග එක්ව වසමේ ප්‍රජාව මෙම සියලු කටයුතු සංවිධානය කරන ලදී.
මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති සේවා පියසක අවශ්‍යතාවය සපුරාලමින්, කිතුලහේන අවමංගල්‍යාධාර හා සුභසාධන සමිතිය විසින් රජයට පරිත්‍යාග කරන ලද ඉඩමක නව සේවා පියසක් ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීම 2025.09.18 දින පෙ.ව.10.15ට යෙදුණු සුභ මොහොතින් සිදු විය.
සේවාදායකයින් හට රාජ්‍ය නිලධාරීන්ගේ සේවාව එකම වහළක් යටදී සිදුකර ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා දීම හා ප්‍රජාවගේ යටිතල පහසුකම් නංවාළීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන -2025 යටතේ රුපියල් මිලියන 1.5 ක මුදලක් වෙන් වී ඇත.
ගරු වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු මැතිතුමා ප්‍රමුඛ හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක, හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පීරිස්, ප්‍රාදේශීය සභා මන්ත්‍රි සුඛිත් හපුආරච්චි සහ මන්ත්‍රිනී ප්‍රියන්කා දමයන්ති යන මහත්ම මහත්මීන් සමග,හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ප්‍රාදේශීය ලේකම් B.A.D චින්තක මහත්මා සමග නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන ) නිලන්කා සම්පත්, පරිපාලන ග්‍රාම නිලධාරී රුවන්තිලක, තාක්ෂණ සහකාර නිලධාරී ඉරෝෂිණී වල්පොල යන මහත්ම මහත්මීන් හා මත්තෙගොඩ පොලිස් ස්ථානාධිපති R M M S ඉන්දික කුමාර මහත්මා ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට ආරාධිතයින් ලෙස සහභාගි වූහ.
කිතුලහේන ග්‍රාම නිලධාරී වසමට අනුයුක්ත රාජ්‍ය නිලධාරීන් වන ග්‍රාම නිලධාරී කුමාර රූපසිරි, සංවර්ධන නිලධාරී වසන්ත ලාල්, සමෘද්ධි සංවර්ධන නිලධාරී නිශාන්ත පරණමාන්න, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර K L N W ලියනගේ, මහජන සෞඛ්‍ය පරීක්ෂක DMU සංදීප යන මහත්ම මහත්මීන් සමග,
clean sri lanka කමිටුව, ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතිය, සමෘද්ධි සමිතිය, ග්‍රාම සංවර්ධන සමිතිය, ජාතික ජනබල වේගයේ සිද්ධමුල්ල කොට්ඨාස සභාව ඇතුළු ප්‍රජා සංවිධානවල නිලධාරී සහ සාමාජික මහත්ම මහත්මීන් හා වසමේ බොහෝ ප්‍රජාවකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ අධීක්ෂණය හා උපදෙස් පරිදි, කිතුලහේන clean srilanka ග්‍රාමීය කමිටුව විසින් සංවිධානය කරන ලද අතර වසම් භාර සංවර්ධන නිලධාරී හා ග්‍රාම නිලධාරී විසින් සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.
මුල් ළමා විය දරුවන්ගේ පරිකල්පන ශක්තිය , සෞන්දර්යාත්මක නිර්මාණශීලී කුසලතාවයන් අවදිකිරීමේ අරමුණ පෙරදැරිව බස්නාහිර පළාත් සංස්කෘතික හා කලාකටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදනයෙන්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද " කතන්දර නැන්දා " වැඩසටහන පසුගියදා හෝමාගම "බ්ලූමින් බඩ්ස්" පෙර පාසල සහ "UNG" පෙර පාසලෙහි දරුවන් ඉලක්ක කරගනිමින් සාර්ථකව පවත්වන ලදී.
ස්වර්ණහංස ජාතකය ඇසුරින් "රත්තරන් හංසයාගේ කතාව" ළමා මනසට යෝග්‍යවන සේ වඩාත් විචිත්‍රවත්ව මෙහිදී ඉදිරිපත් කරන ලදී. මේ සඳහා සම්පත්දායකත්වය පනාගොඩ" ස්වරංගා " කලාසෙවනෙහි කලායතනාධිපති විශාරද දිස්නා සංජීවනී දේවගේ මහත්මිය විසින් ලබාදෙන ලද අතර , දරුවන් 60කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වය හිමිවිය.
කාර්යාලයීය මුල්ළමාවිය සංවර්ධන නිලධාරී චමරි ලක්මාලි මහත්මිය, සංස්කෘතික නිලධාරී(බ.ප) තිසරු කෝට්ටගේ මෙය, "බ්ලූමින් බඩ්ස්" පෙර පාසලෙහි ප්‍රධාන පෙරපාසල් පාලිකාව සහ ගුරු මණ්ඩලය, "UNG" පෙර පාසලෙහි ප්‍රධාන පෙරපාසල් පාලිකාව , ගුරු මණ්ඩලය සහ දෙමාපියන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
කාර්යාලයීය සංස්කෘතික අංශය සහ ළමා කටයුතු අංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
කසල කළමනාකරණය සම්බන්ධයෙන් හතර පහ ශ්‍රේණිවල දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දියගම කනිෂ්ඨ විද්‍යාලයේදී 2025.09.30 දින ප්‍රාදේශීය සභා මන්ත්‍රී රේණුකා ලියනගේ මහත්මියගේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලදී.
විද්‍යාලයේ විදුහල්පතිනිය සහ ආචාර්ය මණ්ඩලය එම අවස්ථාවට සහභාගී වූ අතර පරිසරය සංරක්ෂණය සම්බන්ධයෙන් දරුවන්ගේ අදහස් ඉදිරිපත් කිරීමක්ද මෙහිදී සිදුවිය. පරිසර සංවර්ධන නිලධාරි ලසන්ති නුගලියද්ද විසින් දැනුවත් කිරීම සිදු කරන ලදී.
ප්‍රාථමික අධ්‍යාපනයෙහි නිරත පාසල් දරුවන්ගේ පරිකල්පන ශක්තිය , සෞන්දර්යාත්මක නිර්මාණශීලී කුසලතාවයන් අවදිකිරීමේ අරමුණ පෙරදැරිව බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදනයෙන්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද " කතන්දර නැන්දා " වැඩසටහන පසුගියදා බප/හෝ/ කිරිවත්තුඩුව ජයතිලක විද්‍යාලය සහ බප/හෝ/ විජයවර්ධන මහා විද්‍යාලයෙහි දරුවන් ඉලක්ක කරගනිමින් සාර්ථකව පවත්වන ලදී.
මෙහිදී දරුවන් වෙත ළමා මනසට වඩාත් යෝග්‍ය වූ ළමා කතන්දරයක් විචිත්‍රවත් ලෙස ඉදිරිපත් කිරීමද, මිනිස් හඬ විවිධ ස්වරූපයෙන් භාවිත කිරීම ප්‍රායෝගිකව දරුවන් වෙත ඉදිරිපත් කිරිමද සිදුවිය. මේ සඳහා සම්පත්දායකත්වය ප්‍රවීන ගුවන්විදුලි ශිල්පිනී ශ්‍යාමලී ලිවේරා මහත්මිය විසින් ලබාදෙන ලද අතර , දරුවන් 100කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වය හිමිවිය.
බප/හෝ/ කිරිවත්තුඩුව ජයතිලක විද්‍යාලයෙහි විදුහල්පතිනිය සහ ගුරු මණ්ඩලය, බප/හෝ/ විජයවර්ධන මහා විද්‍යාලයෙහි නියෝජ්‍ය විදුහල්පතිතුමිය සහ ගුරු මණ්ඩලය සංස්කෘතික නිලධාරී(බ.ප) තිසරු කෝට්ටගේ මෙය මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
කාර්යාලයීය සංස්කෘතික අංශය සහ ඉහත විද්‍යාලයන්හි ගුරුවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.














