ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව ක්‍රියාත්මක වැඩසටහන් මාලාවේ තුල ළමා ලොවයි -වැඩිහිටි වියයි තේමා කර ගනිමින් පාසල් සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් හෝමාගම මධ්‍යම මහා විද්‍යාලයේ දි එම විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් 2025/09/29 දින සිදු කරන ලදී .

මෙහිදී වැඩිහිටියා පිලිබඳ ළමා අපේ වගකීම යන තේමාව පිලිබඳ ගොඩගම සුභාරති විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති රත්න ශ්‍රි බංඩාර මහතා විසින් ද වැඩිහිටි වියේ සෞඛ්‍ය හා රෝගි වැඩිහිටියන් රැකබලා ගැනීම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය වෛද්‍ය නිලධාරී එච්.එස්.ඵස්මිතා පතිරණ මහත්මිය විසින් ද වැඩිහිටියා හා වැඩිහිටි භාවය පිලිබඳ කතිකාව සංගීත ශිල්පී දමිත් නන්දන ගුණප්‍රිය මහතා විසින් ද සිදු කරන ලදී .

      මෙම වැඩසටහන ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් හා මගපෙන්වීමට අනුව වැඩිහිටි සංවර්ධන නිලධාරී එම්.ඩි.ඩි.නයෝමි විසින් සිදු කරන ලදී

20251001childold

20251001childold 2

20251001childold 3

20251001childold 4

සිනමා කෘති තුල ඇති මානුෂික ගුණාංග තුළින්   සිසුන් ගේ මනසෙහි සහකම්පනය දියුණු  කිරීමේ අරමුණ පෙරදිරිව සංවිධානය වූ සිනමා රසාස්වාද වැඩසටහන 2025-09-16 වන දින හෝමාගම මධ්‍ය මහා විද්‍යාල රංගශාලාවේදී සාර්ථකව පැවැත්විණි.

 හෝමාගම සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති ,පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මැතිතුමා ,රාජ්‍ය සිනමා අනුමණ්ඩලයේ සාමාජික ,කොළඹ විශ්ව විද්‍යාලයේ කතිකාචාර්‍ය සිනමා විචාරක,සිනමා ලේඛිකා අනුෂා සිවලිංගම් මෙනවිය, දෙස්,විදෙස් සම්මානනීය සිනමාවේදි අජිත් රත්නායක මහතා,සිනමා විචාරකය,සිනමා ලේඛක ගුණසිරි සිල්වා මහතා , සිනමා පර්යේෂක, විචාරක ප්‍රවීණ  සිනමාවේදි චතුර ජයතිලක මහතා ,හෝමාගම නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (උපදේශක, මර්ගෝපදේශන හා සිංහල ගුරු උපදේශක) කල්‍යාණි විදානගමගේ මහත්මිය ,හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ආධි හෙට්ටිගේ මහත්මිය, සිනමා අනුමණ්ඩලයේ ලේකම් සමන්ත කුසුම්සිරි මහතා සහ සිනමා අනුමණ්ඩලයේ සහකාර ලේකම් අමාදා සඳමාලි මහත්මිය  මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය හා හෝමාගම ජනාධිපති විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 500 ක පමණ පිරිසක් මේ සඳහා සහභාගීවූ අතර, මේ සඳහා සම්පත්දායකත්වය කොළඹ විශ්ව විද්‍යාලයේ කතිකාචාර්‍ය සිනමා විචාරක,සිනමා ලේඛිකා  අනුෂා සිවලිංගම් මෙනවිය, දෙස්,විදෙස් සම්මානනීය සිනමාවේ දී  අජිත් රත්නායක මහතා ,සිනමා ලේඛක,විචාරක ගුණසිරි සිල්වා  මහතා,සිනමා පර්යේෂක,විචාරක ප්‍රවීන සිනමවේදි චතුර ජයතිලක මහතා යන සිනමා අනුමණ්ඩලයේ සාමාජිකයන් විසින් ලබාදෙන ලදී.

සංස්කෘතික අධ්‍යක්ෂ කේ.එස්.දිල්හානි මහත්මිය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් බි.ඒ.ඩි ච්න්තක මහතාගේ අධීක්ෂණයෙන් මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය සංස්කෘතික නිලධාරී නාලනී ස්වර්ණලතා මිය විසින් සිදුකරන ලදී.

20251001cinema

20251001cinema 2

20251001cinema 4

20251001cinema 3

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පැවැත්වු වැඩසටහන් මාලාවේ දහමින් පෝෂිත වැඩිහිටියන් යන සංකල්පය පෙරටු කර ගනිමින් සුවපුබුදුගම වැඩිහිටි සංවිධානය ,ප්‍රසන්නපුර වැඩිහිටි සංවිධානය හා පිටිපන දකුණ වැඩිහිටි සංවිධානය යන වැඩිහිටි සංවිධානවල සාමාජිකයන්   වෙනුවෙන් ගල්කිස්ස නාලන්දාරාම  ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී පුජ්‍ය කීනපැලැස්සේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ ව්සින් ධර්ම දේශනයක් 2025/09/27 වන දින සුවපුබුදුගම දක්ෂිනාරාම විහාරස්ථානයේ දි පවත්වන ලදී .

   මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත වැඩිහිටි සංවර්ධන නිලධාරී එම්.ඩි.ඩි.නයෝමි ,සුවපුබුදුගම ග්‍රාම නිලධාරී හා සුවපුබුදුගම වැඩිහිටි සංවිධානය එක්ව සංවිධානය කරන ලදී .

20251001Bodhipuja 5

20251001Bodhipuja 3

20251001Bodhipuja20251001Bodhipuja 4

සෞඛ්‍ය සම්පන්න නිරෝගි වැඩිහිටිවියක් අරමුණු  කරගනිමින් ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව සිදු කළ වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහන ලෙස යෝග වැඩසටහනක් 2025/09/28 වන දින කිරිවත්තුඩුව දකුණ පහන්දොර වැඩිහිටි සංවිධානයේ සාමාජිකයන් උදෙසා යෝගාචාර්‍ය් චුලනාත් ලක්මාල් අබේගුණවර්ධන මහතා විසින් කිරිවත්තුඩුව දකුණ සාම විහාරස්ථානයේ දි සිදු කරන ලදී .

මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත වැඩිහිටි සවර්ධන නිලධාරී එම්.ඩි.ඩි.නයෝමි , දේශිය වෛද්‍ය සංවර්ධන නිලධාරී එන්.එස්.පුංච් හේවා හා වසමේ ග්‍රාම නිලධාරී එක්ව සංවිධානය කරන ලදී.

20251001yoga

20251001yoga 2

භික්ෂූන් වහන්සේලා එකසිය විසි පස් නමක් විෂයෙහි (125) මහා සාංඝික දානමය පි0කමක් ගොඩගම පුරාණ විහාරස්ථානයේදී 2025.09.28 වන දින පැවැත්විණි .

පාසල් දරුවන් තුළ දාන පාරමිතාව ප්‍රගුණ කරමින් යහපත් ගුණධර්ම වර්ධනය කිරීම මෙහි ප්‍රධානතම අරමුණ විය.

ගොඩගම පුරාණ විහාරාධිපති කොටිගල නන්දරතන ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ ගොඩගම උතුර සංවර්ධන නිලධාරී විජයන්ත ලක්සිරි මහතා විසින් මෙම කටයුතු සංවිධානය කළ අතර  හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක තුමියද මෙම අවස්ථාවට එක් විය.

20251001CHARITY

20251001CHARITY 2

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top