පෙර පාසල් දරුවන් හා දෙමාපියන් සඳහා දන්ත සෞඛ්‍යය හා මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධ දැනූවත් කිරිමේ වැඩසටහන 2025.08.13 දින පිටිපන නිකිණි පෙර පාසල දී පැවැත්විණි.
මෙහිදී ළමා දන්ත සෞඛ්‍යය සම්න්ධව ලින්ක් නැචුරල් ආයතනය නියෝජනය කරමින් ගයාන් මධූරංග මහතා ද,මුල් ළමාවිය සංවර්ධන සම්බන්ධව කාර්යාලයීය මුල් ළමාවිය සංවර්ධන නිලධාරී චමරි ලක්මාලි මහත්මිය විසින්ද දැනුවත් කිරීම සිදුකරන ලදී.
මේ සඳහා ප්‍රතිලාභින් 75 දෙනෙකුගේ සහභාගීත්වය හිමිවූ අතර, ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මැතිතුමාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත ,කාර්යාලයීය මුල්ළමාවිය සංවර්ධන නිලධාරීගේ සම්බන්ධීකරණයෙන්,නිකිණි පෙර පාසලෙහි ගූරුතූමියන්ගේ සංවිධානයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ලදී.



හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ අරමුණු පෙරදැරිව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025.08.29 පෙ.ව.9.30 ට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025.08.29
සිද්ධමුල්ල දකුණ "බැබළෙන මල්" හා සංඝාරාම "බැබළෙන තරු" යන ළමා සමාජවල දරුවන් සඳහා දන්ත සෞඛ්‍ය වැඩසටහනක් 2025.08.14 දින කුඩමාදුව පාර සිද්ධමුල්ල සේවා පියසේදී පවත්වන ලදී.
තවත් කියවන්න: ළමා සමාජ දරුවන් සඳහා දන්ත සෞඛ්‍ය වැඩසටහනක් සිද්ධමුල්ලේදී........
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව එහි ආකල්ප සංවර්ධන මූලය ශක්තිමත් කරනු පිණිස දියත් කළ තවත් වැඩසටහනක් 2025/08/17 දින සන්ධ්‍යා යාමයේදී හේන්පිට සේවා පියස පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
තවත් කියවන්න: මියැසි ප්‍රතිභා රසවින්දන වැඩසටන හේන්පිටදී......
දෙමාපියන් දරුවන් සමග සමඟ කෙසේ කටයුතු කළ යුතුද යන්න හා දරුවන්ට රස වින්දනයක් ලබාදීම උදෙසා දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරී කාර්යාලයේදී 2025.08.12 දින පවත්වන ලදී.














