හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රිළාවල ග්‍රාම නිලධාරී වසමේ ආන්තික පවුල් ඉලක්ක කර ගනිමින් ඉටි පන්දම් නිෂ්පාදනය කිරීමේ පුහුණු වැඩසටහනක් 2025.08.07 වන දින රිළාවල ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී.
නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක වන අඩු ආදායම් ලාභීන් සඳහා වූ නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ජල්තර ග්‍රාම නිලධාරී වසමේ අඩු ආදායම් ලාභියෙකු වූ රොෂාන් චාමර මහතාට රුපියල් මිලියනයක් වටිනා වූ නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම 2025.08.06 වන දින සුභ මොහොතින් සිදුකරන ලදී.
ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) ජාතික වැඩසටහනට සමගාමීව රිලාවල ග්‍රාම නිලධාරි වසමේ, රිලාවල මංසන්ධියේ සිට ජයලියගම දක්වා මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පසුගිය 2025.08.05 දින සිදු කරන ලදී.
තවත් කියවන්න: Clean Sri Lanka වැඩසටහන යටතේ රිලාවල වසමේ මාර්ග පිරිසිදු කිරිමේ ශ්‍රමදානයක්....
ජගත් පරිසර දිනයට සමගාමීව පැවැත්වූ පෙර පාසල් චිත්‍ර තරගයේ ජයග්‍රාහක දරුවන් සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර බෙදා දීම හෝමාගම කටුවාන පාර සත්මග පෙර පාසලේදී දී 2025-08-05 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂක නිලංකා සම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ. මෙම අවස්ථාවට ළමා හීමිකම් ප්‍රවර්ධන නිලධාරී චමරි ලක්මාලි,පරිසර සංවර්ධන නිලධාරි ලසන්ති නුගලියද්ද, පෙර පාසලේ ප්‍රධානාචාර්ය තුමිය ඇතුළු ගුරු මණ්ඩලය සහ දරුවන්ගේ දෙමාපියන් සහභාගි විය. පරිසරයට ආදරේ කරන දරු පරපුරක් බිහි කිරීම උදෙසා දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මෙහිදී සිදු කෙරිණ.
( අනුග්‍රහකත්වය Norfolk ( Crecent) ආයතනය සහ අතුරුගිරිය පාර චාමලී ජයකොඩි මහත්මිය)





ගොඩගම උතුර හා ගොඩගම දකුණ ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි ආගමික සහයෝගීතාවයත්, පුද්ගල ඒකාබද්ධතාවය හා මිත්‍රත්වයත් වර්ධනය කිරීමේ අරමුණින් මහා සංඝරත්නය විෂයෙහි දානමය පින්කමක් 2025.08.02 වන දින සිදු කරන ලදී.
තවත් කියවන්න: ගොඩගම උතුර හා ගොඩගම දකුණ යා කරමින් සංඝගත දානමය පින්කමක්...














