හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමෘද්ධි සමාජ සංවර්ධන අංශයේ සංවිධානයෙන් හා හෝමාගම කොට්ඨාස හා කලාප අධ්‍යාපන කාර්යාලයේ සම්බන්ධීකරනයෙන් දියගම කණිෂ්ඨ විද්‍යාලයීය 2025 වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු දරුවන් සදහා " ශිෂ්‍යත්ව පෙරහුරු සම්මන්ත්‍රණය" 2025.08.01 දිනදී දියගම කණිෂ්ඨ විද්‍යාලයීය ශාලාවේදී පවත්වන ලදී.
තවත් කියවන්න: පහ වසර ශිෂ්‍යත්ව විභාග ඉලක්ක පෙරහුරු වැඩසටහන - හෝමාගම
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසම් රාජකාරීවල නියැළෙන ආර්ථික සංවර්ධන නිලධාරින්, සහ ක්ෂේත්‍රගත සංවර්ධන නිලධාරින් 130 දෙනෙකු සඳහා ව්‍යාපෘති සැලසුම්කරණය හා කළමනාකරණය හා කාර්යාල කළමනාකරණය හා නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශය පිළිබඳ දැනුවත් කිරීම සඳහා සංවිධානය කළ එක්දින පුහුණු වැඩමුළුව 2025.08.01 දින දවස පුරා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වා අවසන් විය.
වැඩිහිටි ප්‍රජාව ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පිලිබද දැනුවත් කිරිම හා නිවැරැදි ආහාර රටාවක් හුරු කරවීම යන අරමුණු ඇතිව මත්තේගොඩ තුසිත වැඩිහිටි නිවාසයේ වැඩිහිටි පුරවැසියන් වෙනුවෙන් ආයුර්වේද සායනයක් 2025/07/31 වන දින ආයුර්වේද වෛද්‍ය ඩි.එම්.ඩබ්.කේ.රන්දෙනිගම මහතා ගේ සම්පත්දායකත්වයෙන් පැවැත්වීය.
හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ අරමුණු පෙරදැරිව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025.07.31 පෙ.ව.9.30 ට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.















