දියගම නැගෙනහිර ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව හා මැගිලින් අමුණ ආශ්‍රිත පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා 2025.08.30 දින කැමරා පද්ධතියක් සවි කරන ලදි . මෙහි සම්බන්ධීකරණය සහ සංවිධාන කටයුතු දියගම නැගෙනහිර මහජන ආරක්ෂක කමිටුව විසින් සිදුකළ අතර
කහතුඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති දමිත පෙරේරා මහතා ඇතුළු පොලිස් නිලධාරින්, දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරී ආර්.එම් ඩී.ජී.කේ රාජසිංහ මහත්මිය, හා මහජන ආරක්ෂක කමිටුවේ නිලධාරින් හා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් සිදු විය.




ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය-2025 ට සමගාමීව පැවැත්වෙන ප්‍රාදේශීය සාහිත්‍ය තරගාවලියෙහි ළමා කතන්දර ඉදිරිපත්කිරීමේ තරග වටය 2025/08/21 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
හෝමාගම කොට්ඨාසයේ පාසල්වල 1,2 ශ්‍රේණිවල සිසුන් රැසක් මේ සඳහා සහභාගී වූ අතර, වටරැක ක්‍රියේටිව් ඩාන්ස් ඇන්ඩ් ඩ්‍රාමා ඇකඩමි අධිපති නිලාන් මැලිගස්ප මහතා,පානලුව සරසවි කලායතනාධිපති නිර්මලා හඳපාන්ගොඩ මහත්මිය,ගොඩගම ස්වරංගා කලායතනාධිපති දිස්නා සංජීවනී දේවගේ මහත්මිය මෙම තරග විනිශ්චය සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලදී .
ප්‍රාදේශීය ලේකම් තුමාගේ මග පෙන්වීම මත සංස්කෘතික නිලධාරී නාලනී ස්වර්ණලතා මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.




ගැටුම් අවම සතුට පිරුණ පාසලක් ඇති කිරීම , රාමුගත ක්‍රමවේදයෙන් විනිර්මුක්තව විකල්ප ජනනය තුළින් ගැටලු ප්‍රශ්න සාධනීයව දකින නායකත්ව කුසලතාවයෙන් ආත්මාභිමානයෙන් යුතු සිසු පරපුරක් ඇති කිරීම , ආකල්ප සංවර්ධනය හා පෞරුෂ වර්ධනය ඇති කිරීමෙන් පාසල් පද්ධතිය තුළ සුවිශේෂී දරු පරපුරක් ඇති කිරීමට අවස්ථාව සැලසීම සහ ළමා අපයෝජනය වළක්වා ගැනීම සබැඳිව සිසුන් දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මෙම වැඩසටහන 2025.08.19 වන දින බප/ හෝ/ විජයවර්ධන මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
බප/ හෝ/ විජයවර්ධන මහා විද්‍යාලයෙහි 9, 10 ශ්‍රේණීන්හි සිසුන් 125 දෙනෙකු මේ සඳහා සහභාගී වූ අතර, කාර්යාලයීය සමථ සංවර්ධන නිලධාරී කේ.ඩී.හිමාලි කටුගම්පල මිය සහ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී කේ. ප්‍රතාපගේ මහතා විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී.
මෙම වැඩසටහන සංවිධානය හා මෙහෙයවීම හෝමාගම පරිවාස කාර්යාලය විසිනි.




2025 වර්ෂයෙහි අ.පො.ස( උ.පෙ) විභාගය සඳහා බප/හෝ/ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූ සිසු දරුවන් ඉලක්ක කර ගනිමින් සංවිධානය කරන ලද විශේෂ රසවින්දන වැඩසටහන 2025-08-22 වන දින හෝමාගම මධ්‍යමහා විද්‍යාල පරිශ්‍රයෙහිදී පැවැත්විණි.
සෞන්දර්යාත්මක ප්‍රවේශයක් ඔස්සේ සිසුන් ගේ ආකල්ප සංවර්ධනය කිරීම, ගීතය ඔස්සේ දරුවන්ගේ මනස තුළ සහකම්පනයක් ඇති කිරීම සහ සුභාවිත ගීතය තුළින් රසවින්දනයක් ලබා දීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා කොළඹ ,ජයවර්ධනපුර හා සෞන්දර්ය යන විශ්ව විද්‍යාලයන්හි බාහිර කතිකාචාර්‍ය,පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය සංගීතාචාර්‍ය ,සංගීතවේදී ප්‍රදීප් මුතුකුඩආරච්චි මහතා විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී.
මේ සඳහා සිසුන් 300ක් පමණ සහභාගීවූ අතර, සංස්කෘතික නිලධාරී නාලනී ස්වර්ණලතා මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.




නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් බිහිකිරීමේ අරමුණින් බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සෞඛ්‍ය වෛද්‍ය සායනයක් 2025.08.21 වන දින හබරකඩ ශ්‍රී ශෛලාන්තර පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙම සෞඛ්‍ය සායනයේදී අධි රුධිර පීඩන පරීක්ෂණය,
රුධිරයෙහි සීනි පරීක්ෂාව,
හෘද රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදාන පිළිබඳ පරීක්ෂාව,
පැප් පරීක්ෂාව,
පියයුරු පිළිකා හඳුනා ගැනීමේ පරීක්ෂණය ඇතුලු තවත් පරීක්ෂණ රැසක් හා
ඇස් පෙනීම හා ඇසේ සුද ඉවත් කිරීමේ පරීක්ෂාවද සිදු කෙරිනි.
මෙම සෞඛ්‍ය සායනික කටයුතු සඳහා හබරකඩ හා අවට ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් සහබාගී වූ අතර මෙහිදී නොමිලේ 200 දෙනෙකුට පමන ඇස් කන්නාඩි ලබාදීමද සිදුවිය.
මෙම මහඟු කටයුත්ත සඳහා සම්පත් දායකත්වය සපයමින් හෝමාගම මූලික රෝහලේ බෝ නොවන රෝග ඒකකයේ වෛද්‍ය භක්ති විජේවීර මහත්මිය ඇතුලු කාර්‍යාලය මන්ඩලය,ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ගාමිණී නිශාන්ත මහතා හා එම සංවිධානයේ හිටපු මහා ලේකම් කල්‍යාණි වික්‍රමසිංහ මහත්මිය ඇතුළු කාර්යය මණ්ඩලය,හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නියෝජනය කරමින් පවුල් සෞඛ්‍ය නිලධාරී දිනූෂා සෙව්වන්දි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය මේ සදහා දායකත්වය ලබාදෙන ලදී.
මෙම සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් සංවිධානය කරන ලද්දේ හබරකඩ ශ්‍රී ශෛලාන්තර පුරාණ විහාරාධිපති පූජ්‍ය උහන නන්දරතන හිමි පානන් විසින් වන අතර මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේද හබරකඩ දකුණ ග්‍රාම සංවර්ධන සමිතියයි.
මෙම සෞඛ්‍ය වෛද්‍ය සායනයය සඳහා සහාය ලබාදෙමින් හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින් කුමාර, හබරකඩ දකුණ සංවර්ධන නිලධාරී පුෂ්පා හේරත්,ග්‍රාම නිලධාරී එස්.කේ .එච් ගමගේ ,සමෘද්ධි සංවර්ධන නිලධාරී රුචිරා කාංචන මාලා යන මහත්ම මහත්මීන් තම දායකත්වය ලබාදෙන ලදී.

















