ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව ක්‍රියාත්මක වැඩිහිටි සතිය වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය සායනයක් හේනවත්ත කොමිපයාහේන භාවනා මධ්‍යස්ථානයේ දි 2025/09/26 දින පැවැත්වීය .ප්‍රදේශයේ වැඩිහිටි ප්‍රජාව ගේ සෞඛ්‍ය ගැටලු හදුනා ගෙන ප්‍රතිකාර ලබා දීම අරමුණු කොට ගෙන පැවැත්වු මෙම වැඩසටහනට හේනවත්ත දිඝාසිරි ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ සාමාජිකයන් හා ප්‍රදේශවාසීන් සහභාගි විය .
මෙම වැඩසටහන ආයුර්වේද වෛද්‍ය අනෝජා හේරත් මිය ,ආයුර්වේද වෛද්‍ය මාලා ලියනගේ හා දේශිය වෛද්‍ය සිසුන් ගේ සම්පත්දායකත්වයෙන් ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත වැඩිහිටි සංවර්ධන නිලධාරී එම්.ඩි.ඩි.නයෝමි මිය හා දේශිය වෛද්‍ය සංවර්ධන නිලධාරී එන්.එස්.පුංච් හේවා විසින් සංවිධානය කරන ලදී .
446/A ආටිගල ඛටහිර සහ 482/E මීගස්මුල්ල යන ග්‍රාම නිලධාරි වසම් වලට අයත් පාරිසරික වශයෙන් වැදගත් භූමි ප්‍රදේශයන් කිහිපයක් ආශ්‍රිතව පැනනැඟී ඇති ගැටළු සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂණයක් ගරු. පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2025.10.03 දින සිදු කරන ලදී. මේ සඳහා හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු. අරුණ පනාගොඩ මැතිතුමා, හෝමාගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති කසුන් රත්නායක මැතිතුමා, උපසභාපති අනුර බමුණු ආරච්චි මැතිතුමා, ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්,හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ක්‍රමසම්පාදන නිලංකා සම්පත් මහත්මිය ඇතුළුව රාජ්ය නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයන් සහ පරිසර සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගි විය.
රිළාවල වසමේ "එකමුතු" ළමා සමාජයේ දරුවන්ගේ නායකත්වය හා පෞරුෂය වර්ධනය කිරීමේ අරමුණින්
'නායකත්ව පුහුණු කඳවුරක්'
2025 /08/ 22 දින
ජයලියගම සෝමාලෝක විහාරස්ථානයේ දී පවත්වන ලදී.
දරුවන් 64 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහනේ දී, දරුවන්ගේ නායකත්වය හා පෞරුෂ වර්ධනය වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් සිදු කළ අතර හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී කේ. ප්‍රතාපගේ, උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරල සහ තරුණ සේවා නිලධාරී තනුජා දිසානායක යන මහත්ම මහත්මීන් විසින් සම්පත් දායකත්වය ලබා දෙමින් වැඩසටහන මෙහෙය වන ලදී.
සෝමාලෝක විහාරස්ථානයේ විහාරාධිපති,පූජ්‍ය රන්සෑගොඩ භද්ධිය ස්වාමීන් වහන්සේගේ අනුශාකත්වයෙන් පැවති මෙම පුහුණු කඳවුර සඳහා ප්‍රාදේශීය ලේකම් බී. ඒ. ඩී. චින්තක මහත්මා, සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර මහත්මා සහ කහතුඩුව පොලිස් ස්ථානාධිපති දමිත සී. පෙරේරා මහත්මා ආරාධිතයින් ලෙස සම්බන්ධ විය.
දෙමව්පියන් බොහෝ පිරිසකගේ ද සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන වසමට අනුයුක්ත රාජ්‍ය නිලධාරීන් විසින් සංවිධානය සහ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.




අනාගත වැඩ ලෝකයට ගැලපෙන අයුරින් මානව සම්පත සවිබල ගැන්වීම,ගෝලීය ආර්ථිකයේ වෙනස්වීම් සමග පවතින රැකියා අවස්ථා සහ අනාගතයේ ශ්‍රම වෙළෙඳ පොළ අවශ්‍යතා සහ අපේක්ෂාවන් සම්බන්ධව දැනුම හා අවබෝධය ලබාදීමේ අරමුණින් සංවිධානය වූ මෙම වැඩසටහන පසුගියදා හෝමාගම ජනාධිපති මහා විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි.
එම විද්‍යාලායහි අ.පො.ස.(උසස් පෙළ )සිසුන් ඉලක්ක කරගනිමින් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව ,වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරී ආනන්ද විජේකෝන් මහතා විසින් ලබාදෙන ලදී.
මෙම වැඩසටහන සංවිධානය සම සම්බන්ධීකරණය කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරීන් සහ නිපුණතා සංවර්ධන නිලධාරීන් විසින් සිදු කරන ලදී.




පාසල් දරුවන්ගේ විවේකය අර්ථවත් වූ විනෝදයක් කිරීමේ අරමුණ ඇතිව සංවිධානය කරන ලද මහා සරුංගල් තරගය හා සැණකෙළිය 2025.08.31වන දින ගොඩගම කොම්පයා හේන වෙල්යායේදී පැවැත්විණි.
විවිධ අංශ යටතේ සරුංගල් නිර්මාණ විශාල සංඛ්‍යාවක් ගොඩගම රතන සාර දහම් පාසලෙහි දරුවන් විසින් සිදුකළ අතර ඉන් ජයග්‍රාහකයින් හට සහතික පත් ලබා දීමද මෙහිදී සිදුවිය.
සරුංගල් සැණකෙළියෙහි විනෝද වීම සඳහා ගොඩගම හා ඒ අවට ප්‍රදේශවාසීන් විශාල සංඛ්‍යාවක් සහභාගි වූ අතර මෙම සියලු කටයුතු සඳහා ප්‍රධාන අනුශාසකත්වය ලබා දෙන ලද්දේ ගොඩගම පුරාණ විහාරාධිපති පූජ්‍ය කොටිගල නන්ද රතන ස්වාමීන් වහන්සේ විසිනි.
මෙම සියලු කටයුතු හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී චින්තක මැතිතුමාගේ උපදෙස් පරිදි සංස්කෘතික නිලධාරී නාලිනී ස්වර්ණලතා මහත්මියගේ සහයෝගය ඇතිව ගොඩගම උතුර ග්‍රාම නිලධාරී වසමෙහි සංවර්ධන නිලධාරී විජයන්ත ලක්සිරි මහතා විසින් සංවිධානය කෙරිනි. තරග විනිශ්චය කරමින් සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ කිතුල හේන ග්‍රාම නිලධාරී වසමේහි සංවර්ධන නිලධාරී වසන්ත ලාල් හා කහතුඩු උතුර ග්‍රාම නිලධාරී වසමේහි සංවර්ධන නිලධාරී නිමල් බණ්ඩාර යන මහත්වරුන් විසිනි.

















