ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයට සමගාමීව ගොඩගම උතුර ග්‍රාමනිලධාරී වසමේ ළමා හා වැඩිහිටි සැමරුම් උත්සවයක් 2025.10.12 දින, ගොඩගම පුරාණ විහාරස්ථ භූමියේදී පැවැත්විණි.

ගොඩගම පුරාණ විහාරාධිපති පූජ්‍ය කොටිගල නන්දරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය  හා මග පෙන්වීම යටතේ, ව්‍යාපාරික ප්‍රජාවගේ  දායකත්වය ඇතිව, ගොඩගම උතුර ග්‍රාමනිලධාරී  වසම් භාර  සංවර්ධන නිලධාරී විජයන්ත ලක්සිරි මහතා විසින් මෙය සංවිධානය කෙරිණි.

20251015adultkolam

20251015adultkolam 3

20251015adultkolam 2

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය විසින් "වැඩිහිටි සවියට අත්වැලක්" තේමාව යටතේ 2025.10.04 දින වැඩිහිටි කොඩි දිනයක් ප්‍රකාශයට පත් කරන ලදී.

කොඩි දිනයෙහි සමාරම්භක අවස්ථාව හබරකඩ වත්ත  ප්‍රජා ශාලා  භූමියෙන් ආරම්භ කෙරුණු අතර පසුව කොඩි අලවි කිරීම ප්‍රදේශය පුරා  සිදුවිය.

කොඩි අලවියෙන් ලැබෙන ආදායම   හබරකඩ වත්ත උපේක්ෂා ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතියෙහි ඉදිරි වැඩ කටයුතු සාර්තක කරගැනීමට යොදා ගැනීමට නියමිත වේ.

මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය කරන ලද්දේ උපේක්ෂා ජේෂ්ඨ පුරවැසි සමිතියේ නිලධාරි මණ්ඩලයත්,එහි සාමාජිකත්වයත් , වසමට අනියුක්ත  රාජ්‍ය නිලධාරීන් හා වසවේ සියලු සමිති නිලධාරී මන්ඩලයත් එහි සාමාජිතයින් හා ග්‍රාමීය ප්‍රජාවයි.

20251010habarakada 2

20251010habarakada 3

දියගම නැගෙනහිර සේවා පියසේදී 2025.10.11 වන දින දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරිතුමිය හා වැඩහිටි සංවිධානය එක්ව සංවිධානය කරන ලද වැඩිහිටි දිනය සැමරීමේ උත්සවය  සාර්ථක ලෙස පැවැත්විණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරීතුමා හා ග්‍රාම නිලධාරී තුමියගේ සහභාගීත්වයෙන් යුතුව ග්‍රාමීය ප්‍රජාව සමඟ උත්සව කටයුතු සාර්ථක අන්දමින් නිමා විය.

202510155Diyagamaelder

202510155Diyagamaelder 3

202510155Diyagamaelder 4

 

ප්ලාස්ටික් භාවිතයේ සෞඛ්‍ය අවධානම අවම කිරිම මැයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025-10-15 දින ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේදී කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ආර්.එම්.ඩි.රත්නායක මහත්මිය සහ බත්තරමුල්ල ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී මහත්මයාගේ සම්පත් දායකත්වයෙන් සිදු කරන ලදී.හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිසර අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

 Homagama.202510156placeticpro 2

202510156placeticpro 3

202510156placeticpro 4

දියගම ශ්‍රී සාලවනෝද්‍යානාරාම විහාරස්ථානයේදි 2025/10/20 වන දින දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරි ආර්.එම්.ඩී.ජී.කේ.රාජසිංහ මහත්මිය හා සවිමත් ළමා සමාජයේ දරැවන් විසින් සංවිධානය කරන ලදි.

මේ සදහා  සිලෝන් බිස්කට් සමාගම අනුග්‍රහකත්වය සැපයූ අතර හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි  කේ.ප්‍රතාපගේ මහතා, දියගම නැගෙනහිර ග්‍රාමනිලධාරි ආර්.එම් ඩී.ජී.කේ.රාජසිංහ මහත්මිය, දියගම නැගෙනහිර සංවර්ධන නිලධාරි ජයනී ප්‍රදපිකා මහත්මිය , දියගම බටහිර ග්‍රාමනිලධාරි බී.ඒ විමුක්ති මහත්මිය ,දීපංගොඩ ග්‍රාමනිලධාරි එච්.එම් අයි.අනුරාධ මහතා සිලෝන් බිස්කට් සමාගමේ අලෙව් කළමනාකරැ මහේෂ් අනුරාධ මහතා, පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ උප විදුහල්පති වින්ද්‍යා ආරියරත්න මහත්මිය, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති  සැලසුම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක බී.ඒ ජයනන්ද මහතා,දියගම Green Jacket පරිසර සංවිධානයේ සභාපති උදුල මෙත්සර මහතා, දියගම නැගෙනහිර වැඩිහිටි සංවිධානයේ භාණ්ඩාගාරික ජී.සුගතපාල මහතා ආදි බොහෝ පිරිසක් සහභාගි විය

202510154Diyagamachild

202510154Diyagamachild 2

202510154Diyagamachild 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top