සාහිත්‍ය කලාව ඇගයීම හා ප්‍රවර්ධනය කිරීම , කලාකරුවන් ඇගයීම ,අංකුර කලාකරුවන් දිරි ගැන්විම සහ සාහිත්‍ය හා කලාවේ ඇති අගය සමාජගත කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ " 2025- හෝමාගම ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය" 2025-11-06 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී අතිසාර්ථකව පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති ,පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මැතිතුමා ,පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මැතිතුමා ඇතුලු දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් සම්භාවනීය අමුත්තන්,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ කේ.එස්.දිල්හානි මැතිතුමිය ,කොළඹ දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.ඒ.එස්.කාංචනා ගුණවර්ධන මැතිතුමිය ,කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරි ජි.ජයවීර මහතා ,රත්මලාන ප්‍රාදේශීය ලේකම් එම්.එච්.කේ.දිරුක්ෂි වල්පොල මැතිතුමිය ,පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච්.ඒ.එන්.පියසුමන මැතිතුමිය ,මහරගම ප්‍රාදේශීය ලේකම් ආර්.හිමාලි කරුණාරත්න මැතිතුමිය ,මොරටුව ප්‍රාදේශීය ලේකම් එස්.පි.කිරිවත්තුඩුව මැතිතුමා ,කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් පී.එස්.පී.පෙරේරා මැතිතුමා ,සීතාවක ප්‍රාදේශීය ලේකම් ඩබ්.මධුෂා ආර්. වීරක්කොඩි මැතිතුමිය, දෙහිවල ප්‍රාදේශීය ලේකම් ඒ.එම්. නන්දසිරි මහතා, කැස්බෑව සහකාර ප්‍රාදේශීය ලේකම් එ්. අයි. ඕපනායක මෙනවිය,දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුජිත් බණ්ඩාර මහතා, හෝමාගම කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අනුපමා බණ්ඩාර මැතිතුමිය ,ප්‍රවීන රංගන ශිල්පිනී අනුරුධිකා පාදුක්කගේ මහත්මිය ,රංගන ශිල්පී සේන ගුණවර්ධන මහතා ,රංගන ශිල්පී ඉසුරු ලොකුහෙට්ටි ආරච්චි මහතා, රංගන ශිල්පීනී දේශානි නෙහාරා මහත්මිය සහ ,රංගන ශිල්පීනී කාංචනා ඛාන් මහත්මිය යන අයගේ සහභාගීත්වය හිමිවිය.කලාකරුවන් ,පාසල් සිසුන් , රාජ්‍ය නිලධාරීන් ඇතුලු 300 පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවය හා සමගාමීව, සාහිත්‍ය තරග ජයග්‍රහණය කල සිසුන් හා නිර්මාණකරුවන් 56 දෙනෙකු සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය ද, කලාකරුවන් 04 දෙනෙකු වෙනුවෙන් "හෝමාගම විභූති" කලාකරු උපහාර සම්මාන ප්‍රදානය කිරීමද සිදුවිය.
ප්‍රවීන ලේඛක මහින්ද සෙනරත් ගමගේ මහතා , ප්‍රවීන ගීත රචක සෝමපාල ලීලානන්ද මහතා,නාට්‍ය ශිල්පිනී එන්.කරුණාවති ජයවර්ධන මහත්මිය , නර්තන ශිල්පී නන්දන රුවන් කුමාර මහතා යන කලාකරුවන් විසින් සිය කලා ක්ෂේත්‍රයන්ට අදාළව කරනු ලැබූ මෙහෙවර අගයමින් මෙහිදී "හෝමාගම විභූති "සම්මානයෙන් ප්‍රදානය කෙරුණි.
තවද, 2025 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම විද්‍යා ප්‍රබන්ධයට හිමි සම්මානය දිනාගත් ජයරත්න ඉහළ කොඩිප්පිලි මහතා ඇගයීම වෙනුවෙන් සමරු තිළිණ ප්‍රදානය ද, අංකුර කලාකරුවන් පෝෂණයට අත්වැල සපයමින් සෞන්දර්ය අංශයෙන් උසස් පෙළ හදාරන සිසුන් තිදෙනකු සඳහා රුපියල් 10,000 බැගින් වූ " ප්‍රතිභා" ශිෂ්‍යත්වය ප්‍රදානය කිරීම ද මෙහිදී සුවිශේෂී විය.
කොළඹ,ජයවර්ධනපුර හා සෞන්දර්ය යන විශ්ව විද්‍යාලයන්හි බාහිර කථිකාචාර්‍ය ,රාජ්‍ය සංගීත සම්මානලාභි ,සංගීතාචාර්‍ය් සංගීතවේදී ප්‍රදීප් මුතුකුඩආරච්චි මහතා ව්සින් මෙහිදී සාහිත්‍ය දේශනය පැවැත්වූ අතර,කොට්ඨාසයේ කලායතන සිසුන් ගේ වීචිත්‍රවත් සංස්කෘතිකාංගයන්ගෙන් මෙම උළෙළ වර්ණවත් විය.ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත මෙම වැඩසටහන සංස්කෘතික නිලධාරී නාලනී ස්වර්ණලතා මිය විසින් සංවිධානය කරන ලදී..
වැඩ ලෝකය සඳහා දරුවා සුදානම් කිරිමේ විශේෂ වැඩසටහන 2025/11/13 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.අනාගත වැඩලෝකය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා පාසල් දරුවන් සහ දෙමාපියන්ගෙන් යුත් ප්‍රතිලාභී පිරිසක් සහභාගී විය.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ අධීක්ෂණයෙන්,කාර්යාලයීය නිපුණතා සංවර්ධන නිලධාරී චම්පිකා පද්මකාන්ති මහත්මියගේ සම්පත්දායකත්වයෙන්, කාර්යාලයීය ජාතික ඒකාබද්ධතා නිලධාරී එල්.පි.එස්.ප්‍රසාදිකා මහත්මියගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
2025 වර්ෂ අවසාන පෙර පාසල් ගුරුවරියන් දැනුවත් කිරීමේ හා ඇගයිමේ විශේෂ වැඩසටහන 2025/11/13 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරය දී පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත ,පරිපාලන නිලධාරිනී ඩබ්.එන්. එස්.අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 100 දෙනෙකුගේ සහභාගීත්වය හිමිවිය.කාර්යාලයීය මුල් ළමාවිය සංවර්ධන නිලධාරී පි.ඒ.චමරි ලක්මාලි මහත්මියගේ සංවිධානයෙන්, හෝමාගම පෙර පාසල් ගුරුඑකමුතු සංසදයෙහි අනුග්‍රාහකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය
යහපත් මව්පියභාවය සහ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාලිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා කහතුඩුව" ඕලු "පෙර පාසල් පරිශ්‍රයෙදී පැවැත්විණි.
කහතුඩුව "ගොල්ඩන් ඒන්ජල්" පෙර පාසල, "ඕලු" පෙර පාසල හා "ඉඳුවරී "පෙර පාසල යන පෙර පාසල් වල එකමුතුවෙන් , මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයීය ප්‍රතිපාදන මගින්,ප්‍රතිලාභීන් 80 දෙනෙකු ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන පැවැත්විණි.
මේ සඳහා සම්පත්දායකත්වය දෙහිවල ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී අජිත් ඒකනායක මහතා සහ කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී කේ .ප්‍රතාපගේ මහතා විසින් ලබාදෙන ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම හා අධීක්ෂණය මත කාර්යාලයීය මුල් ළමාවිය සංවර්ධන නිලධාරී චමරි ලක්මාලි මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී..
අනාදිමත් කලක පටන් පැවත එන දේශීය කලාවන් සුරක්ෂණය කරමින්, ඒවා වත්මන් පරපුර වෙත ගෙනයමින් එකි කලාවන් ජනගත කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ " නූර්ති නාඩගම් ගී සරණිය " 2025-11-14 වන දින දොළහේන,ගොවිජනපදය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.
බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයෙහි සංකල්ප මූලයෙන් සහ මූල්‍ය ප්‍රතිපාදනයෙන් , ප්‍රාදේශීය ලේකම්තුමාගේ අධීක්ෂණයෙන් සහ දොළහේන ග්‍රාම නිලධාරී කොට්ඨාසයෙහි ආයතන, ප්‍රජා සංවිධාන අනුග්‍රහයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ග්‍රාමීය ප්‍රජාව 300කට අධික ප්‍රමාණයකගේ සහභාගීත්වය හිමිවිය.
මෙම වැඩසටහන සඳහා රුවින්ද රත්නායක ප්‍රධාන වාද්‍ය වෘන්දය නූර්ති, නාඩගම් ගීත ගායනයෙන් සහ වාදනයෙන්ද, කොට්ඨාසයෙහි ලියාපදිංචි වාසනා රංගායතනය සහ සහස්‍යා කලායතනයෙහි සිසු සිසුවියන් රංගනයෙන් සම්පත්දායකත්වය සැපයූ අතර,දොළහේන කොට්ඨාසයෙහි ළමා සමාජ දරුවන්ගේ නර්තනාංගයන්ගෙන් මෙම වැඩසටහන වඩාත් විචිත්‍රවත් විය.
පොල්ගස්ඕවිට සිංහල සංගීත පර්යේෂණ කලායතනාධිපති විශාරද විජිත අනුප්‍රිය මහතා විසින් මෙහිදී නූර්ති නාඩගම් ගී පිළිබඳ විශේෂ දේශනයක් සිදුකල අතර, කොළඹ සහකාර ප්‍රාදේශීය ලේකම් සමීර සුරංජිත් මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.
මෙම අවස්ථාව සඳහා අමරපුර මහානිකායේ අනුනායක, මහරගම ප්‍රඥානන්ද පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වටගෙදර විමලබුද්ධි ස්වාමීන්වහන්සේ,ගොවි ජනපදය ශ්‍රී මහා බෝධි විහාරාධිකාරී උණාවටුනේ ශාසනතිලක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්( විමර්ෂණ) දිලන්ති වාසනා සිරිවර්ධන මහත්මිය, හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර මහතා, ගණකාධිකාරී පුබුදු රන්ජන් කුරුප්පුඅච්චි මහතා අතුළු රාජ්‍ය නිලධාරීන් සහ අනුග්‍රාහකභවතුන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී විය.














