ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පැවැත්වු හත්වන වැඩසටහන 2025/10/02 දින වෘක්ෂශෘතිය හා බැදුණු පරිසර සංරක්ෂණය පිලිබඳ දැණුම්වත් කිරීම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩි තේනුවර මහතා ගේ සම්පත්දායකත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දි පැවැත්වීය .වැඩිහිටි බලමණ්ඩලයේ සාමාජිකයන් උදෙසා පැවැත්වු මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත වැඩිහිටි සංවර්ධන නිලධාරී එම්.ඩි.ඩි.නයෝමි මහත්මිය විසින් සංවිධානය කරන ලදී .
ප්‍රාදේශීය ලේකම්තුමාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මග පෙන්වීම මත ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව හෝමාගම වැඩිහිටි දින උත්සවය 2025/10/03 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දි උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය .
හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති අරුණ පනාගොඩ මැතිතුමා ,අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.එන්.කෞශල්‍යා කුමාරි මහත්මිය ,දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ එස්.කේ.බණ්ඩාර මහතා ,පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ එල්.ඒ .සමින්තා ගිමානි මහත්මිය , කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වු මෙම උත්සවය වැඩිහිටි සමිතිවල ජේෂ්ඨ පුරවැසියන්ගේ නැටුම් ,ගැයුම් වලින් විචිත්‍රවත් විය .
මෙම උත්සවයේ දි ගායන ශිල්පී ලක්ෂ්මන් රොද්‍රිගෝ මහතා "වෘද්ධ ප්‍රසාදිනි අභිනන්දන "ස්මරනයෙන් පුද ලැබු අතර වැඩිහිටි තරග ජයග්‍රහණ සදහා නිරන්තර කැපවීමෙන් කටයුතු කළ මෙම කාර්යාලයේ සේවය කල සුජානි මදුෂිකා හෙට්ටිආරච්චි මහත්මිය ඇගයීමට සමරු තිළිණයක් ප්‍රදානය කිරීම හා 2025 පළාත් වැඩිහිටි තරග නියෝජනය කල තරග කරුවන්ට තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු වු අතර මෙම වැඩසටහන හෝමාගම වැඩිහිටි බලමණ්ඩලය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය එක්ව සංවිධානය කරන ලදී .
2025 ලෝක ළමා දිනයට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ "එකමුතු" පෙර පාසල් ගුරු සංගමය එක්ව සංවිධානය කරන ලද "ලෝක ළමා දින" වැඩසටහන 2025/10/04 දින හෝමාගම "space Park" ක්‍රීඩාංගනයේදී අති සාර්ථකව පැවැත්විණි.
මෙහිදී දරුවන්ගේ සතුට ,දැනුම සහ විනෝදාස්වාදය උදෙසා නර්තන අංග, ගායන,කතන්දර සීයා ,මැජික් සංදර්ශන, චිත්‍ර තරග වැනි විශේෂාංග රැසක් සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාව සඳහා හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක , අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්), හෝමාගම පුරාණ විහාරාධිපති පූජ්‍ය මාදෝවිට වජිර බුද්ධි නායක ස්වාමීන් වහන්සේ,හේවාගම් කෝරළ ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී ගොඩගම පුරාණ විහාරාධිපති පූජ්‍ය කොටිගල නන්දරතන ස්වාමීන් වහන්සේ, හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පනාගොඩ මැතිතුමා ,කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.එන්. කෞශල්‍යා කුමාරි මැතිණිය,හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී. ඒ. ඩී .චින්තක මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර මහතා,සමෘද්ධි බැංකු කළමනාකාරිනී සංජීවනී වේවැල්වල මහත්මිය ,දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී දිලේකා අබේනායක මෙනවිය,හෝමාගම ලංකා බැංකු කළමනාකාරතුමිය , "සේනාධීර බුක් ශොප්" අධිපතිතුමන්, රාජ්‍ය නිලධාරීන් ප්‍රධාන සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වය මේ සඳහා හිමිවිය .
මෙම වැඩසටහන සාර්ථකව පවත්වා ගැන්ම සඳහා කොට්ඨාශයේ පෙර පාසල්,ග්‍රාම සංවර්ධන සමිති , හේනවත්ත සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය හා සමෘද්ධි අංශය ඇතුළු විවිධ ආයතන රැසකගේ අනුග්‍රාහක දායකත්වය හිමිවිය .
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත කාර්යාලයීය සංවර්ධන නිලධාරීන් ,ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහයෝගයෙන් මෙම වැඩසටහන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී කේ. ප්‍රතාපගේ මහතා ,ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ධම්මිකා ස්වර්ණසීලි මහත්මිය සහ මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී පී.ඒ. චමරි ලක්මාලි මහත්මිය විසින් සංවිධානය කරන ලදී.
සවිබල ගැන්වුණු සක්‍රිය වැඩිහිටි වියක් යන සංකල්පය පෙරදැරි කොට ගෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පැවැත්වු වැඩසටහන් මාලාව තුල වැඩිහිටි නීතිය පිලිබඳ දැණුම්වත් කිරිමේ වැඩසටහනක් 2025/10/01 දින මාවත්ගම සේවා පියසේදි පැවැත්වීය .
මෙම වැඩසටහන ශ්‍රි ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ නීති නිලධාරී නීතිඥ පුණ්‍යා කුඩකොලොව මෙනවිය ගේ සම්පත්දායකත්වයෙන් හා මාවත්ගම මෛත්‍රී වැඩිහිටි සංවිධානයේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත වැඩිහිටි සංවර්ධන නිලධාරී එම්.ඩි.ඩි.නයෝමි මහත්මිය විසින් සංවිධානය කරන ලදී .















