හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් වූ හේන්පිට  වසමේ ජනතාව වෙනුවෙන් සහන සැපයීම පිණිස මත්තේගොඩ මධ්‍යම A සහ මත්තේගොඩ මධ්‍යම B වසම් දෙක  ඒකාබද්ධව සංවිධානය කරන ලද සහන යාත්‍රා වැඩසටහන 2025/12/03 වන දින ක්‍රියාත්මක කෙරිණි.

ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ උපදෙස් හා මග පෙන්වීම මත  ප්‍රදේශයේ මන්ත්‍රීතුමන්ගේ අදහසකට  අනුව  ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේ දී විපතට පත් වූ හේන්පිට  ජනතාව වෙනුවෙන් වියළි ආහාර, ජල බෝතල්,සබන් ඩෙටෝල් ආදී පිරිසිදු කාරක ද්‍රව්‍ය, ඇඳුම්, කොට්ට,ඇඳ ඇතිරිලි,කුඩා ළමුන් සඳහා සෙරෙප්පු,ළදරු උපකරණ හා අනෙකුත් ද්‍රව්‍ය, ඖෂධ වර්ග, ගර්භනී මාතාවන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ආදී ද්‍රව්‍ය හා උපකරණ විශාල ප්‍රමාණයක්  පවුල් 219ක් සඳහා  පරිත්‍යාග  කිරීම  සිදු විය.

මෙම සත්කාරය සඳහා වසම් දෙකට අනුයුක්ත රාජ්‍ය  නිලධාරීන් සමග ප්‍රජාව බොහෝ පිරිසක්  සහභාගි වූහ.

202512311henpitadonation

202512311henpitadonation 2

202512311henpitadonation 3

වැඩ ලෝකය තුළ සංචාරක  සහ හෝටල් ක්ෂේත්‍රයේ ඇති කාලීන වැදගත්කම ,රැකියා අවස්ථා පිළිබඳව ප්‍රායෝගික අත්දැකීමක් ලබාදීම සහ ඔවුන් ඒ සඳහා යොමුකිරීමේ අරමුණින් බප/හෝ/අම්බලංගොඩ  සිරිපති විද්‍යාලයේ 11 වසර අධ්‍යාපනය ලබන දරුවන්හට ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය( SLITHM )නැරඹීම සඳහා අවස්ථාවක් පසුගියදා  හිමි විය.

 මේ සඳහා බප/හෝ/අම්බලංගොඩ  සිරිපති විද්‍යාලයේ 11 වසර දරුවන් 21 දෙනෙකු පමණ සහභාගී වූ අතර,  විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය සහ  කාර්යාලයීය නිපුණතා,මානව සම්පත්, සංවර්ධන නිලධාරීන්ද මේ සඳහා සහභාගී විය.

SLITHM  ආයතනය මෙමදරුවන් වෙනුවෙන් දවස පුරාම තරු පන්තියේ හෝටලයක ක්‍රියාකාරීත්වය පිළිබඳව විව්ධ අංශ නැරඹීමට ,ඒ ආකාරයෙන්  සංග්‍රහ කටයුතු සිදුකිරීම සිදුකළ අතර මෙම අවස්ථාවට අවශ්‍ය සහයෝගය එම ආයතනයෙහි  සහකාර අධ්‍යක්ෂ තුමා(අලෙවි)  විසින් සිදු කරන ලදී.          

 ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත මෙම වැඩසටහන  කාර්යාලයීය නිපුණතා සංවර්ධන නිලධාරී එම්.චම්පිකා පද්ම කාන්ති සහ මානව සම්පත් සංවර්ධන නිලධාරී ඒ. නන්දනී  අතුකෝරාල මහත්මිය විසින් සංවිධානය කරන ලදී.

siripathi

siripathi 2

siripathi 3

siripathi 4

siripathi 5

පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින්  දන්ත  සායනයක් හා මුඛ සෞඛ්‍යය පිළිබඳ දෙමාපියන්  දැනුවත් කිරීමෙහි වැඩසටහනක් 2025.11.18 දින මීගොඩ උතුර සේවා පියස පරිශ්‍රය තුළදී සාර්ථකව පැවැත්විණි.

මෙම සායනික කටයුතු සාර්ථක කරගැනීම සදහා දන්ත චිකිත්සක වාසනා රත්නායක මහත්මිය ඇතුළු තවත් නිලධාරින්ගෙ සම්පත් දායකත්වය ලබා දුන් අතර මෙම සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ලද්දේ මීගොඩ උතුර ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී සන්ධ්‍යා පෙරේරා මහත්මිය හා එක්ෂරා පෙර පාසලෙහි ප්‍රධානාචාර්ය  චමෝදි යසන්තිකා මහත්මිය විසිනි.

20251231dental 2

20251231dental 3

20251231dental 4

සාහිත්‍ය නිර්මාණයන්හි  ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම තුළින්  නිර්මාණකරණයට අත්වැල සැපයීම,  උසස්  නිර්මාණකරණයක නිරත සාහිත්‍යධරයෙක් බිහි කිරිමට මග හෙළිපෙහෙළි කිරීම අරමුණු කරගනිමින්  සංවිධානය වූ  සාහිත්‍ය නිර්මාණකරණය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහන පසුගිය දා  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ සඳහා සම්පත්දායකත්වය රාජ්‍ය  සහ ජාත්‍යන්තර සාහිත්‍ය සම්මානලාභි සාහිත්‍යවේදි මහින්ද සෙනරත් ගමගේ මහතා  විසින් ලබාදෙන ලද අතර, කොට්ඨාසයේ සියලු පාසල් වල 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සාහිත්‍ය නිර්මාණකරණයේ නිරත සිසුන් 05 බැගින් සිසුන් 100ට ආසන්න  පමණ ප්‍රතිලාභී පිරිසක් සම්බන්ධ විය.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් "දොලොස් මහේ පහන "වැඩසටහන් මාලාව සඳහා ලබා දුන් ප්‍රතිපාදන මත ප්‍රාදේශිය ලේකම්තුමාගේ උපදෙස් හා මගපෙන්වීමෙන්  සංස්කෘතික නිලධාරී නාලනී ස්වර්ණලතා මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

desing 2

desing 3

desing 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top