"දිට්වා" සුළිකුණාටුව හේතුවෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඇතිවී තිබෙන්නාවූ ආපදා තත්ත්වය පිළිබඳ කරුණු සාකච්ජා කිරීමේ අරමුණු පෙරදැරිව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025.12.03 ප.ව.2.00 ට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී
මේ සඳහා හෝමාගම සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති අරුණ පනාගොඩ මැතිතුමා,වරාය ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මැතිතුමා,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මැතිතුමා,ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු අනෙකුත් මන්ත්‍රීතුමන්ලා හා තුමියන්ලා ද ප්‍රාදේශීය ලේකම්තුමා,නියෝජ්‍ය අධ්‍යක්ෂක ක්‍රම සම්පාදන හා රාජ්‍ය නිලධාරීන් මෙන්ම මහජනතාව ද සහභාගී විය.
මෙම රැස්වීම ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත සංවර්ධන අංශයේ නිලධාරීන් විසින් සංවිධානය හා සම්බන්ධීකරණය කරන ලදී.
කිරිගම්පමුණුව මත්තේගොඩ ලිපිනයේ පදිංචි රංජිකා පෙරේරා මහත්මියගේ නිවසේ ඉදිකිරීම් කටයුතු 2025/12/05 වන දින සුභ නැකතින් ආරම්භ කරන ලදී .මෙම නිවස ඉදිකිරීම සඳහා සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබාදෙන අතර ප්‍රදේශවාසීන්ගේ අධාර උපකාරද ලබා ගැනීම අපේක්ෂා කෙරේ.
කිරිගම්පමුණුව වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී ධම්මිකා පුෂ්පකුමාරි මහත්මිය විසින් මෙම නිවස ඉදිකිරීමේ කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි.
මෙම නිවසේ මුල්ගල් තැබීමේ උත්සවය සඳහා කිරිගම් පමුණු පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ හා කන්දෙ ගලේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර මත්තේගොඩ සමෘද්ධි කලාප කළමනාකාර තුමා හා බැංකු සමීති කළමනාකාර තුමියද වසමේ සංවර්ධන නිලධාරී තුමාද ප්‍රදේශවාසීන්ද සහභාගි වී සිටියහ.
සියලු ඉදිකිරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් බී. ඒ .ඩී. චින්තක මැතිතුමාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී තේනුවර මැතිතුමාගේ මග පෙන්වීම යටතේ සිදු කරනු ලබයි.














