කටාර් රාජ්‍ය හා එක්ව කටාර් චැරටි පදනම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය යටතේ ගෘහ මූලික කාන්තාවන් හා විවිධ ගැටළුවලට මුහුණ දෙමින් සුළු හෝ ස්වයං රැකියාවක නිරත අවශ්‍යතා සහිත කාන්තා කාර්ය සංවිධානයන් හී සිටින තෝරාගත් සාමාජිකාවන් 36 ක් වෙනුවෙන් වෙන් කරන ලද භාණ්ඩ හා උපකරණ ලබා දීමේ වැඩසටහන සමගාමීව සමාරම්භක උත්සවය Marine Grand Banquet Hall පරිශ්‍රයේ දී රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා අතිරේක දිස්තික් ලේකම් කාංචනි ගුණවර්ධන මිය ප්‍රධානව කටාර් රාජ්‍යයේ කටාර් චැරිටි පදනමේ සහභාගීත්වයෙන් 2025.07.21 වන දින පවතවන ලදී.
තවත් කියවන්න: කාන්තා කාර්යය සංවිධාන සාමාජීකාවන් සඳහා භාණ්ඩ හා උපකරණ බෙදා දිමේ වැඩසටහන...
මිලින වූ හදවතකට ජීවයක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ දැවැන්තම ලේ දන්දීමේ වැඩ සටහන 2025.07.20 වන දින ගොඩගම සුභාරතී විද්‍යාලීය භූමියේදී පැවැත්විණි.
තවත් කියවන්න: ගොඩගම සුභාරතී විද්‍යාලීය භූමියේදී ලේ දන්දීමේ පිංකමක්....
හෝමාගම යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය හා නිළවරණය 2025 ජූලි මස 20 වැනි දින බප/හෝ/ මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්විණ.
තවත් කියවන්න: හෝමාගම යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල නිළවරණය ...
මැගිලින් අමුණ ආශ්‍රිත පරිසර පද්ධතිය තුළ වාසය කරන වදවී ගෙන යන මත්ස්‍ය විශේෂ රැකගැනීම, මැගිලින් අමුණ ආශ්‍රිත කුණු කසළ දැමීම වැළැක්වීම හා මෙම ප්‍රදේශය ආශ්‍රිතව සිදුවෙන නීතිවිරෝධී ක්‍රියා අවම කිරීම අරමුණින් අමුණ අවට ප්‍රදේශය පිරිසිදු කිරීම හා දැන්වීම් පුවරුවක් ස්ථාපිත කිරීම 2025.07.20 දින දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේදී සිදුවිය.
තවත් කියවන්න: අමුණ ආශ්‍රිත පරිසර පද්ධතිය රැක ගැනීම සඳහා අත්වැලක්..... දියගම දි.....
චිකන් ගුන්න්‍යා හා ඩෙංගු රෝග පාලනය කිරීමේ අරමුණින් Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ජල්තර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රමදානයක් 2025.07.20 වන දින පැවැත්විණි.














