තරුණ හා වැඩිහිටි ප්‍රජාව බෝ නොවන රෝගවලින් ආරක්ෂා කිරීමේ අරමුණින් පනාගොඩ යුද හමුදා කඳවුරේ ක්‍රීඩා නිලධාරීන් විසින් සතියේ සෑම ඉරු දිනකම පෙ.ව. 7.00 සිට 8.00 දක්වා ක්‍රියාත්මක කෙරෙන ව්‍යායාම වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් 2025.07.13 වන ඉරු දින කහතුඩුව උතුර විල්ප්‍රඩ් සේනානායකපුර ප්‍රජාශාලා භූමියේදී පවත්වන ලදී..
ලොව පුරා කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන සෞඛ්‍ය ගැටලුවක් ලෙස හඳුනා ගැනෙන, ගැබ්ගෙල පිළිකාව කල් ඇතිව හඳුනාගෙන අවධානම අවම කර ගැනීමේ අරමුණින් රිලාවල වසමේ කාන්තාවන් ඉලක්ක කර ගනිමින් ගැබ්ගෙල පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.07.13 වන දින රිලාවල සුසීමාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.
තවත් කියවන්න: ගැබ්ගෙල පිළිකා අවදානම අවම කර ගැනීමට දැනුවත් කිරීමේ වැඩසටහනක් රිලාවලදී......
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සිටින කාන්තාවන්ගේ දැනුම කුසලතා ආකල්ප වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව හෝමාගම ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩලයෙහි මාගම්මන බටහිර කාන්තා කාර්යය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම 2025.07.11 වන දින මාගම්මන බටහිර පුරාණ විහාරයේදී සිදු කරන ලදී.
තවත් කියවන්න: මාගම්මන බටහිර කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම..
බස්නාහිර පලාත තුල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඔප් නැංවීම සඳහා හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් හා බස්නාහිර පලාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් සංවිධානය කරන ලද බස්නාහිර පලාත් මලල ක්‍රීඩා උලෙළ 2025 ජුලි 12 හා 13 යන දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විනි.
සමෘද්ධි ව්‍යාපාරයට වසර තිහක් (30) සම්පූර්ණ වීම නිමිත්තෙන් "කඩල" දන්සැලක් ජූලි දහවන ඇසළ පොහෝ දින මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුව ඉදිරිපිටදී පවත්වන ලදී.
තවත් කියවන්න: සමෘද්ධි ව්යපාරයටඅවුරුදු තිහක් (30) සම්පූර්ණ වීම සමරා "කඩල" දන්සැලක් මීගොඩ දී ..














