උපදේශන වැඩසටහන් වෙත යොමුකර ගැනීම හරහා පුද්ගල සංවර්ධනය ඇති කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිතය හා ඇබ්බැහිය තුළින් ඇතිවන්නාවු දීර්ඝකාලීන කායික, සමාජීය, පුද්ගල අයහපත පිළිබඳ අවධානය යොමුකිරීමේ අරමුණින් සංවිධානය වූ මෙම වැඩසටහන පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන පසුගියදා බප/හෝ/ වෑතර මහා විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.

මත්තෙගොඩ විද්‍යාදීප මහා විද්‍යාලයේ උසස් පෙළ විභාගය සඳහා ඉදිරියේදී ඉදිරිපත්වීමට අපේක්ෂිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සංවිධානය කරන ලද වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන 2025-06-26 වන දින එම විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.

සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති කළමනාකරුගේ උපදෙස් අනුව, ප්‍රජා මූල විෂය භාර සංවර්ධන නිලධාරීගේ හා ප්‍රජා මූල සංවිධාන සභාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද විදුලි පාරිභෝජනය අවම කර ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීම හා අහිතකර හා හිතකර ප්ලාස්ටික්, පොලිතින් හඳුනා ගැනීම, ඒවා අහිතකර නොවනසේ කළමනාකරණය පිළිබඳව ද්විත්ව දැනුවත් කිරිම් වැඩසටහන හෝමාගම සමෘද්ධි බැංකු සංගම් මූලස්ථානයේදී පසුගියදා පැවැත්විණි.

අනුබුදු මිහිඳු මාහිම්යන් බුදුදහම රැගෙන මෙරටට ⁣පැමිණි පොසොන් මංගල්‍යය සිහිකරමින්, ජාතික පොසොන් උත්සවයට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ව්සින් සංවිධානය කරන ලද "පොසොන් බැතිගී සරණිය" 2025-06-06 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top