තම හැකියාව, ලැදියාව අනුව 9 වන ශ්‍රේණියේ ඛාණ්ඩ විෂයන් තෝරා ගැනීම පිළිබඳව ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන 2025.07.08 වන දින හෝමාගම මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
තවත් කියවන්න: 9 වන ශ්‍රේණියේ ඛාණ්ඩ විෂයන් තෝරා ගැනීම පිළිබඳව ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීම.....
ඖෂධ පැළෑටිවල වටිනාකම පිළිබඳව සහ ඒවා භාවිතා කරන ආකාරය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන 2025.07.04 දින වෑතර මහා විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: ඖෂධ පැලෑටි පිළිබඳව පාසැල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන…
සමෘද්ධි ව්‍යාපාරයට වසර තිහක් (30) සම්පූර්ණ වීම නිමිත්තෙන් "යොවුන් විය හා සෞඛ්‍ය" මැයෙන් ආටිගල කණිෂ්ඨ විද්‍යාලයීය සිසු සිසුවියන් දැනුවත් කිරීමක් පසුගියදා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය එස්මිකා පතිරණ මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.
සමෘද්ධි ව්‍යාපාරයට වසර තිහක් ( 30) සම්පූර්ණ වීම නිමිත්තෙන් මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ සාමාජික සාමාජිකාවන් සදහා අහිතකර හා හිතකර ප්ලාස්ටික් , පොලිතින් හඳුනා ගැනීම, ප්ලාස්ටික් පොලිතින් නිසිලෙස කළමනාකරණය කිරීම, අහිතකර ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන සෞඛ්‍ය ගැටළු පිළිබඳ විද්‍යා හා තාක්ෂණ නිලධාරිනී මාලිකා පෙරමුණ ආරච්චි මහත්මියගේ සම්පත් දායකත්වයෙන් ද, විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් ලබා ගත හැකි ස්වයං රැකියා පුහුණු අවස්ථා පිළිබඳව විදාතා ක්ෂේත්‍ර සම්බන්ධිකාරක චමින්ද සමරමාන්න මහතාගේ සම්පත් දායකත්වයෙන් ද සමෘද්ධි ප්‍රජා මූල බැංකු හරහා ලබා ගන්නා ස්වයං රැකියා ණය ඵලදායී ලෙස ආදායම් උත්පාදන ව්‍යාපෘති සදහා යොදවා ගන්නා ආකාරය පිළිබඳ දැනුවත් කිරීමක් ව්‍යාපෘති කළමනාකරු ශාන්ත ජයසූරිය මහතාගේ සම්පත් දායකත්වයෙන් ද පසුගියදා මීගොඩ භාවනා මධ්‍යස්ථාන ශාලාවේදී පවත්වන ලදී.
මීගොඩ දකුණ සමෘද්ධි සංවර්ධන නිලධාරිනී නිරංජලා රතුගම මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.


ජල්තර ග්‍රාම නිලධාරී වසමේ විශාඛා කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් සඳහා කාර්ය සංවිධානය සක්‍රීයව පවත්වා ගෙන යාමේ වැදගත්කම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ජල්තර නෙලුම් ප්‍රදෙස ප්‍රජා ශාලාවේ දී 2025/07/16 වන දින සිදු කරන ලදී.














