හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව සිව් මහල් ගොඩනැගිල්ලට පිවිස වර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය හා තිස්පස් නමක් විෂයෙහි මහා සංඝගත දක්ෂිණාව 2025 ජූලි මස 18 හා 19 යන දෙදින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිලි පරිශ්‍රයේදී පිංසිත් පෙරදැරිව සාර්ථකව පවත්වා අවසන් විය.
සමෘද්ධි ව්‍යාපාරයට වසර තිහක් (30) සම්පූර්ණ වීම සමරා සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදලේ මුල්‍ය දායකත්වය මත ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි විශේෂ නිවාස වැඩසටහනේ "රන් විමන" නිවාස වැඩසටහන යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටිපන සමෘද්ධි කලාපයේ 484 E සුවපුබුදුගම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ අංක 503/01/03, පිටිපන දකුණ, හෝමාගම ලිපිනයෙහි ස්වාමියා විසින් හැරගිය බිරිද, අධ්‍යාපනය ලබන පිරිමි දරුවකු, වයස්ගත මව හා පියා සමග ස්ථිර නිවහනක් නොමැතිව සිටි නිසංසලා කුමුදුමාලි මහත්මියගේ පවුල වෙත ඉදිකල නිවස නිවාස හිමියන් වෙත භාරදීම හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පනාගොඩ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දපාල දසනායක, කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජූලි මස දහසයවන දින (16) සිදුකෙරින.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල අස්වැසුම වැඩසටහන යටතේ සවිබල ගැන්වීම සදහා තෝරා ගන්නා ලද ප්‍රතිලාභීන්ගේ ව්‍යාපාර හැකියා සංවර්ධනය කර ඔවුන් සවිබල ගැන්වීම සදහා ක්ෂේත්‍ර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩමුළුවක් පසුගිය පහලොස් වන (15) දින හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී තේනුවර මහතාගේ ප්‍රදානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
තවත් කියවන්න: ප්‍රජාව සවිබල ගැන්වීම සදහා ක්ෂේත්‍ර සමෘද්ධි නිලධාරීන් පුහුණු කිරීමක් හෝමාගමදී...
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියයට අනුකූලව රජයේ නිලධාරීන් සඳහා දෙමළ භාෂාව පිළිබඳව ප්‍රවීනතාවය ලබාදීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වන රාජ්‍ය නිලධාරීන් සදහා පැය 150ක දෙමල භාෂා පාඨමාලාව 2025.07.15 වන දින මාර්ගගත ක්‍රමයට ආරම්භ විය.
තවත් කියවන්න: රාජ්‍ය නිලධාරීන් සදහා පැය 150ක දෙමල භාෂා පාඨමාලාවක්..
මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත්තෙගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ මදුරුවන් බෝවන ස්ථාන පරික්ෂා කිරීම හා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.07.14 දින සිදු කරන ලදී.
තවත් කියවන්න: ඩෙංගු සහ චිකුන්ගුන්යා මර්දන වැඩසටහනක් මත්තෙගොඩින්...














