හෝමාගම කටුවාන ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය විසින් ජූලි දහවන ඇසළ පොහෝ දින කටුවාන පිංබිම ශාලාවේ ශීල සමාදන් වූ උපාසක උපාසිකාවන් සදහා උදෑසන හා දිවා දානය පිරිනමන ලදී.

ඇසළ පෝය නිමිති කර ගනිමින් ගැහැණුවල ග්‍රාම නිලධාරී වසමේ දෙටු පුරවැසි සංගම මඟින් ඉදිරිපත් කරන ලද බොදු බැති ගී ප්‍රසංගය ඇසල පොහෝ දින මීගොඩ බෝ සමිඳු අබියසදී පවත්වන ලදී.

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ගොඩගම උතුර ග්‍රාම නිලධාරී වසමේ 27 කණුව මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් 2025.07.10  දින පැවැත්විණි.

සමාජයේ හුදකලාව වාසය කරන පිරිසකට සතුට, විනෝදය හා සෙනෙහස ලබා දීමේ අරමුණින් හෝමාගම ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලය සහ කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද පැදුරු සාජ්ජය පසුගිය දා පානලුව, ගල්වලමුල්ල "සෙනෙහස " වැඩිහිටි නිවාසයයේදී පැවැත්විණි.

ජාතික තරුණ දිනයට සමගාමීව දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීම හා ප්‍රතිසංවිධානය කිරීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහතුඩුව බටහිර ග්‍රාම නිලධාරී වසමේ යෞවන සමාජය පිහිටුවීම 2025.07.08 වන දින කහතඩුව සමගි සේවා පියසේදී සිදු කරන ලදී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top