2025.02.07 දින සිට ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමට විමධ්‍යගත කිරීමත් සමඟ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් රෝගී පාර්ශවයක් වෙනුවෙන් පළමු චෙක්පත 2025.03.28 දින පිරිනමන ලද අතර එතැන් සිට 2025.05.28 දක්වා ප්‍රතිලාභීන් 9 දෙනෙකු දක්වා ගෙවීම් සිදුකරමින් ප්‍රාදේශීය මට්ටමේ විමධ්‍යගතකරණීය ක්‍රියාවලිය සාර්ථකත්වයට පත්කරගැනීමට සමත්ව ඇත.

වැඩිවිස්තර සඳහා : https://www.presidentsfund.gov.lk/si/ 

20250530prasident

 

අධිකරණ අමාත්‍යාංශයේ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සංකල්පයකට අනුව ක්‍රියාත්මකවන සමථකරණ ක්‍රියාවලිය සබැඳිව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන යටතේ කොට්ඨාසයේ පොලිස් ස්ථාන 06 ක පොලිස්  නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන වැඩසටහන පසුගියදා  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ අමාදම් දහම් පාසල එක්ව සංවිධානය කරන ලද "යොවුන් වියට පෙර මං" නායකත්ව කඳවුර පසුගියදා ජල්තර වින්ටේජ් පා(ර්)ක් ප්‍රජා ශාලා භූමියේදී පැවැත්විණි.

මත්ද්‍රව්‍ය අවධානම බහුල වසම් පාදක කරගනිමින් සිදුකරනු ලබන වැඩසටහන් මාලාවෙහි තවත් එක් ප්‍රජා පාදක මත් නිවාරණ වැඩසටහනක් මීගොඩ, හෙට්ටියාවත්ත වසමෙහිදී පසුගියදා පැවැත්විණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානය මගින් පවත්වනු ලබන මැහුම් පාඨමාලාවෙහි ප්‍රතිලාභී කතුන් දැනුවත් කිරීමේ මත් නිවාරණ වැඩසටහන පසුගියදා හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය  ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථාන දේශන ශාලාවේදී සිදු කරනු ලැබීය.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top