ආර්ථික අපහසුතා සහිත පාසල් සිසුන් වෙත සවියක් වනු රිසින් පාසල් සිසුන්ගේ කැඩුණු පාසල් පාවහන් පිළිසකර කරදීම පසුගියදා  හෝමාගම දම්සෙත් මහා විද්‍යලය, ජල්තර කණිෂ්ඨ විද්‍යාලය හා ලෙනගල කණිෂ්ඨ විද්‍යාලය යන විද්‍යාලයන් ආශ්‍රිතව පැවැත්විණි.

හෝමාගම ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලය හා සබැඳි ග්‍රාමීය වැඩිහිටි කමිටුවල සාමාජිකයින් "ඩිමෙන්ෂියා" රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

මත්තෙගොඩ "තුසිත" වැඩිහිටි නිවාසයෙහි වැඩිහිටි පිරිසගේ සෞඛ්‍ය තත්වය නංවනු රිසින් සංවිධානය වූ පාරම්පරික දේශීය වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද ආයුර්වේද වෛද්‍ය සායනය 2025-02-27වන දින එම වැඩිහිටි නිවාස පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

හෝමාගම Clean Sri Lanka සමාරම්භක උත්සවය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025/02/28 දින පෙ.ව.8.00 හෝමාගම හරිත උයන පරිශ්‍රයේදී, (පරණ බස් නැවතුම්පළේදී ) පවත්වන ලදී. 

Clean Sri Lanka වැඩසටහන හා සමගාමීව සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ "ආතතියෙන් තොර දිවි පැවැත්මක් උදෙසා උපදේශන වැඩසටහන පසුගියදා හෝමාගම ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණි. 50 කට අධික ප්‍රතිලාභීන් පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කාර්යාලයීය උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරාල මහතා විසින් ලබාදෙන ලදී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top