සෞඛ්‍ය අමාත්‍යංශයේ දේශීය වෛද්‍ය අංශය,හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම ආයුර්වේද සංරක්‍ෂණ සභාව සහ ප්‍රජා සෞඛ්‍ය ඒකකය එක්ව සංවිධානය කරනු ලැබූ කොළඹ දිස්ත්‍රික් "දේශීය ආහාර ප්‍රවර්ධන හා ආයුර්වේද ප්‍රදර්ශනය" අති සාර්ථක ලෙස හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පසුගිය දා පැවැත්විණි.
තවත් කියවන්න: දේශීය ආහාර ප්‍රවර්ධන සහ ආයුර්වේද ප්‍රදර්ශනය හෝමාගමදී.......
ආරවුල් නිරවුල්කරණයට විකල්ප ක්‍රමවේදයක් ලෙසින් සමථකරණ භූමිකාව ජනගත කිරීම සහ සමථ මණ්ඩල ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුම්වත් කිරීම මෙන්ම සමාජ ආරක්ෂණ ක්‍රමය සදහා දෙමාපියන් හා දරුවන් දායක කර ගැනීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මෙම වැඩසටහන පසුගියදා හෝමාගම සිරි සීවලී පෙර පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
තවත් කියවන්න: සමථකරණ ක්‍රියාවලිය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ ප්‍රජාව දැනුවත් කෙරේ....
"සත්කාරක සේවාව තුළින් යහපත් දිවියක්" යන තේමාව යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ සේවා අංශය සහ ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් උත්සවය පසුගිය දා හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත්ව පැවැත්විණ.
මනෝමිතික පරීක්ෂණයක් මගින් අ.පො.ස. (උ.පෙ) විභාගය සඳහා ගැළපෙන විෂය ධාරාවක් තෝරා ගැනීම, ශ්‍රම වෙළඳපළ නව ප්‍රවණතා හඳුන්වා දීම සහ වෘත්තීය පුහුණු අවස්ථාවන් පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන පසුගියදා හෝමාගම ජනාධිපති මහා විද්‍යාලයේදී පැවැත්විණි.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරනු ලැබූ "ව්‍යාපාර සායන" වැඩසටහන 2024.10.28 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණ.














