හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ ආධ්‍යාත්මක සංවර්ධනය සහ ආගමික නැඹුරුතාවය තුළින් යහපත් ජීවන පැවැත්මක් ඇතිකරලීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ බෝධිපූජා සහ ධර්ම දේශනාමය පිංකම පසුගියදා හෝමාගම පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පානළුව ග්‍රාම නිලධාරී  වසමෙහි දූ - දරුවන්ගේ  එකමුතුවෙන්  "දිරිය දරුවෝ" ළමා සමාජය ගල්වලමුල්ල ප්‍රජාශාලාවෙහිදී  පසුගියදා ආරම්භ විය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි වැඩසටහන යටතේ බිහිවී ඇති ව්‍යවසායකයින්  අතුරින් තෝරාගත් ව්‍යවසායකයින්  සදහා  ධාරිතා සංවර්ධන  වැඩසටහනක්  පසුගියදා  හෝමාගම ප්‍රාදේශීය ලේකම්  බී.ඒ.ඩී. චින්තක  ප්‍රධානත්වයෙන්  හා සමෘද්ධි කළමණාකරු කුමුදු පෙරේරා මහත්මියගේ  සම්පත් දායකත්වයෙන් හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීති ශාලාවේදී  පැවැත්විණ.

සෞඛ්‍ය අමාත්‍යාංශය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය දේශීය වෛද්‍ය අංශය හා සමෘද්ධි අංශය එක්ව සංවිධානය කරනු ලබන මානසික හා ශාරීරික නිරෝගී සුවතාවයකින් යුතුව දිවිගෙවීමට "යෝග" ත්‍රෛයිමාසික පුහුණු වැඩසටහනක් උඩුවන සුපේශලාරාම විහාරස්ථ ශාලාවේදී පසුගිය හතරවෙනි (4) බදාදා දින ආරම්භ  කරන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය විදාතා සම්පත් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ පාවහන් නිෂ්පාදනය පිළිබඳ එක් දින පුහුණු වැඩමුළුව පසුගියදා  කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top