වර්තමානය වන විට සීඝ්‍ර ලෙස වර්ධනයවී ඇති මත්ද්‍රව්‍ය භාවිතය හා ඒ ඔස්සේ වන පුද්ගල ජීවිත පරිහානිය සහ සමාජ පරිහානිය තුරන් කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මත්ද්‍රව්‍ය නිවාරණය සහ සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීම පිළිබඳ ප්‍රජා විශෝධන ආඥාලාභීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2024-08-29 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
තවත් කියවන්න: මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රජා වීශෝධන ආඥාලාභීන් දැනුවත් කෙරේ.
කොට්ඨාසයේ ව්‍යවසායකින් සවිමත් කරමින්, ඔවුන්ගේ ව්‍යාපාර සඳහා වැඩි ප්‍රතිලාභ සහිත වෙළඳපොලක් ලබාදීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ "SED MINI FAIR " වෙළඳ ප්‍රදර්ශනය සහ අළෙවි පොළ 2024-08-28 සහ 29 යන දිනයන්හි හෝමාගම නාගරික වෙළඳ සංකීර්ණය ඉදිරිපිට භූමියෙහි සාර්ථකව පැවැත්විණි.
සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදලේ මුල්‍ය දායකත්වය මත ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි විශේෂ නිවාස වැඩසටහනක් වන "ජය විමන" නිවාස වැඩසටහන යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රසන්නපුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පොල්ගස්ඕවිට සමෘද්ධි කලාපයේ අංක 74/සී/1 පාලගම, පොල්ගස්ඕවිට ලිපිනයෙහි කුඩා ගැහැණු දරුවන් තිදෙනෙකු හා පිරිමි දරුවන් දෙදෙනෙකු සමග කුලී නිවහනක පදිංචිව සිටි ආර්.ඔනාලි අමාදසුනි මහත්මියගේ පවුල වෙත ඉදිකල නිවස පසු විපරම් පරීක්ෂාවක් කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර මහතාගේ හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරින.
තවත් කියවන්න: සමෘද්ධි "ජය විමන" නිවාස වැඩසටහන යටතේ ඉදිකල නිවාස අධීක්ෂණය - හෝමාගම පාලාගම
සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදලේ මුල්‍ය දායකත්වය මත ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි විශේෂ නිවාස වැඩසටහනක් වන "රන් විමන" නිවාස වැඩසටහන යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටිපන සමෘද්ධි කලාපයේ ප්‍රසන්නපුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ අංක 163/20, පිටිපන දකුණ, ප්‍රසන්නපුර ලිපිනයෙහි බිරිද, අධ්‍යාපන ලබන පිරිමි දරුවන් දෙදෙනෙකු සමග තාවකාලික නිවහනක පදිංචිව සිටි ටී.අසත් චන්දිම මහතාගේ පවුල වෙත ඉදිකල නිවස පසු විපරම් පරීක්ෂාවක් කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර මහතාගේ හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරින.
තවත් කියවන්න: සමෘද්ධි "රන් විමන"නිවාස වැඩසටහන යටතේ ඉදිකල නිවාස අධීක්ෂණය - හෝමාගම ප්‍රසන්නපුර















