ලොවපුරා කිතු බැතිමතුන් අති උත්කර්ෂවත්ව සමරනු ලබන ජේසුස් වහන්සේගේ ශ්‍රී උපත මුල් කරගත් නත්තල් උත්සවයට සමගාමීව සංවිධානය කරනු ලැබූ නත්තල් ගී සැඳෑව 2024 දෙසැම්බර් මස 30 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පෝෂණ ගුණයෙන් පිරි, වෙළඳපල වැඩි ඉල්ලුමක් සහිත, වානිජමය වශයෙන් ලාභ ඉපයිය හැකි පලතුරු භෝගයක් වන දූරියන් වගාව වෙත ප්‍රජාව යොමුකිරීමේ අරමුණින් සංවිධානය වූ දූරියන් වගාව පිළිබඳ පුහුණු වැඩසටහන කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේදී පසුගියදා පැවැත්විණි .
මෙහිදී දූරියන් වගාව පිළිබඳ හැදින්වීම, ක්ෂේත්‍ර සංස්ථාපනය,වගා නඩත්තුව හා දූරියන් මල් පරාගනය සම්බන්ධයෙන් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ ) එච්.එම්.එල්. නිරාන් මහතාද දූරියන් වගාවේ රෝග සම්බන්ධයෙන් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ ) එම්. කුරුප්පු මහත්මිය, දූරියන් වගාවේ පළිබෝධ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ ) අයි.කේ.අතපත්තු මහතාගේ සම්පත්දායකත්වය හිමිවිය.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ප්‍රතිලාභීන් පිරිසක් ඉලක්ක කරගනිමින් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ සමන්මලි ප්‍රනාන්දු මහත්මිය සහ කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් මේ අවස්ථාව සඳහා සහභාගි විය.
සාහිත්‍ය කලාව ප්‍රජාව වෙත ගෙන යමින්, සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයන්හි නිරත වූවන්, සාහිත නිර්මාණකරණයෙහි නියැලෙන්නන් ඇගයුමට ලක්කරමින් සංවිධානය කරන ලද හෝමාගම ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය - 2024 පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
තවත් කියවන්න: හෝමාගම ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය - 2024...














