හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල්වල අ.පො.ස.(උ.පෙ) විභාගය සඳහා සෞන්දර්ය විෂය ධාරාවන් යටතේ අධ්‍යාපනය හදාරනු ලබන සිසුන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අරමුදල් සම්පාදනය කරගැනීමේ අරමුණින් සංවිධානය වූ විශේෂ ලොතරැයි දිනුම් ඇදීම පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
තවත් කියවන්න: "ප්‍රතිභා" ශිෂ්‍යත්ව වැඩසටහන වෙනුවෙන් ලොතරැයි දිනුම් ඇදීම....
බහුවිධ බුද්ධි න්‍යාය, මනෝමිතික පරීක්ෂණය මගින් සිසුන්ගේ බුද්ධි දක්ෂතාවයන් හඳුනා ගැනීමට අවශ්‍ය මග පෙන්වීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මෙම වැඩසටහන පසුගියදා හෝමාගම මහා විද්‍යාලය පරිශ්‍රයේ දී පැවැත්විණි.
තවත් කියවන්න: 9 වසර සිසුන් සඳහා කාණ්ඩ විෂයන් තෝරා ගැනීමට අත්වැලක්.......
පසුගිය අ.පො.ස.(උ.පෙ.) විභාගය සඳහා පෙනී සිටි පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් සංවිධානය වූ විශේෂ දැනුවත්කිරීමේ වැඩසටහන පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩගේ මැතිතුමාගේ සභාපතිත්වයෙන් 2025/01/28 දින පවත්වන ලදී. මෙම රැස්වීමේදී කොට්ඨාසයේ සමස්ත සංවර්ධන වැඩසටහන් සම්බන්ධ ප්‍රගතිය හා ඉදිරිපත් වී ඇති ගැටලු සාකච්ඡා කරන ලදී.














