ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩගේ මැතිතුමාගේ සභාපතිත්වයෙන් 2025.05.21 දින පවත්වන ලදී. මෙම රැස්වීමේදී කොට්ඨාසයේ  සමස්ත සංවර්ධන වැඩසටහන් සම්බන්ධ ප්‍රගතිය හා ඉදිරිපත් වී ඇති ගැටලු සාකච්ඡා කරන ලදී. ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්‍ත මැතිතුමා සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී ඒ ඩී චින්තක මහතා ,නියෝජ්‍ය අධ්‍යක්ෂක ජී ජී එන් එස් සම්පත් මහත්මිය ඇතුළු කොට්ඨාසයේ  රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව සහභාගී විය.

20250129Coordination

20250129Coordination 2

20250129Coordination 3

20250129Coordination 4

20250129Coordination 5

20250129Coordination 6

20250129Coordination 7

20250129Coordination 8

20250129Coordination 920250129Coordination 10

 

සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සමරමින්,එහි අරුත වඩාත් ඔප් නැංවෙන අයුරින් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය සහ ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලය එක්ව සංවිධානය කරන ලද  "බක්මහේ සංස්කෘතික අසිරිය"  බක්මහ උළෙල පසුගියදා හෝමාගම, මීගොඩ ආයුර්වේද උද්‍යාන භූමියේදී පැවැත්විණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වල තනි මාපිය දරුවන් වෙත 2025 වර්ෂය සඳහා අධ්‍යාපන ආධාර ලබාදීම 2025-04-30වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ සේවා අංශය හා හෝමාගම වැඩිහිටි බලමණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ "වැඩිහිටි බක්මහ උළෙල" පසුගිය දා ගැලවිලවත්ත උතුර "පෙරුම්බුලි" ශාලා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත්ව පවත්වන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ප්‍රජා විශෝධන ආඥාලාභීන් ඉලක්ක කරගනිමින් සංවිධානය කරන ලද කණ්ඩායම් උපදේශනය, ක්‍රියාකාරකම් ආශ්‍රිත ඇගයුම් ඇතුළත් මත්නිවාරණ හා ප්‍රතිකාරාත්මක  වැඩසටහන පසුගියදා කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top