ඵලදායී  පුරවැසියෙක් සහ සතුටින්  ජීවත්වන  පවුලක් නිර්මාණය කිරීම  සදහා සෑම පවුලකටම සුවපහසු  නිවසක්  අත්කර  දීම තුලින් ආර්ථික   ඉලක්ක  සපුරා ගැනීම සදහා වූ රජයේ වැඩපිළිවෙළ  අනුව  ස්ථිර නිවහනක්   නොමැති  පවුල් සදහා  ජාතික නිවාස  සංවර්ධන  අධිකාරිය  හරහා ක්‍රියාත්මක වන  " ඔබට ගෙයක්  රටට  හෙටක් " නිවාස  වැඩසටහන  යටතේ  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහතුඩුව දකුණ ග්‍රාම  නිලධාරී වසමේ අංක 240, සරණතිස්ස මාවත, කහතුඩුව , පදිංචි  සමෘද්ධි ලාභී ජී.ඒ.ගුණවතී   මහත්මියගේ පවුලට ඉදිකල නිවහන  භාරදීම  වෙළද කැබිනට් අමාත්‍ය, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් 2021 ජූලි මස 17 දින සිදුකෙරුනා .

 සමෘද්ධි ලාභී පවුල්  ලක්ෂ දෙකක්  සවිබල  ගැන්වීමේ  වැඩසටහන හරහා  සෑම ග්‍රාම නිලධාරී වසමකම කාබනික පොහොර ඒකකයක්  ආරම්භ  කිරීම  වැඩසටහන යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීම හා ප්‍රායෝගික පුහුණු වැඩසටහන හෝමාගම  සමෘද්ධි කලාපයේ  හෝමාගම දකුණ ග්‍රාම නිලධාරී  වසමේදී අද දින පස්වරුවේදී ( 2021.07.16 ) සිදුකරනු  ලැබුවා .


ඒ හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  බී.ඒ.ඩී.චින්තක  මහතාගේ ප්‍රදානත්වයෙන් .

හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ  2 වන ශ්‍රේණියේ නිලධාරිනියක වූ වත්සලා රණසිංහ ආරච්චි මහත්මිය 2021-07-13 වන දින හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් ධූරයෙන් සමුගනී.

සමෘද්ධි ලාභී පවුල්  ලක්ෂ දෙකක්  සවිබල  ගැන්වීමේ  වැඩසටහන හරහා  සෑම ග්‍රාම නිලධාරී වසමකම කාබනික පොහොර   ඒකකයක්  ආරම්භ  කිරීම  වැඩසටහන යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ප්‍රථම කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීම හා ප්‍රායෝගික පුහුණු වැඩසටහන මීගොඩ සමෘද්ධි කලාපයේ  වටරැක දකුණ ග්‍රාම නිලධාරී  වසමේදී  2021.07.16  දින පෙරවරුවේදී  සිදුකරනු  ලැබුවා .


ඒ හෝමාගම සහකාර  ප්‍රාදේශීය ලේකම්  බී.එස්.කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන් .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජකාරි  කටයුතු  කරන සමෘද්ධි සංවර්ධන  නිලධාරින්  සදහා  " වෘත්තීය  සංවර්ධනය "පිළිබඳ  දැනුවත් කිරීමේ වැඩමුළුවක්  අද දින ( 06.07.2021 ) දින zoom  තාක්ෂණය ඔස්සේ  පැවැත්වුනා.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top