හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ හෝමාගම ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය කල සුහද ක්‍රිකට් තරගාවලියක් 2022.02.20 දින පැවැත්වුනේ හෝමාගම " සීහොක්ස් " ක්‍රීඩා පිටියේදී.
ගම සමග පිළිසදරක් - අයවැයෙන් වැඩ ලක්ෂයක් ග්‍රාමීය සංවර්ධන රජයේ වැඩසටහනට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් අසූ එක ( 81 ) නියෝජනය වන පරිදි ජීවනෝපාය සංවර්ධන හා යටිතල සංවර්ධන පහසුකම් සැපයීමේ ව්‍යාපෘති එකසිය අසූදෙකක් ( 182 ) උත්සවාකාරයෙන් ආරම්භ කෙරුනේ 2022 පෙබරවාරි මස 03 වනදා පෙ.ව. 8.52 ට යෙදුණු සුභ මොහොතින් .
තවත් කියවන්න: අයවැයෙන් වැඩ ලක්ෂයක් - ග්‍රාමීය සංවර්ධන වැඩසටහන - 2022. 02. 03 / හෝමාගම
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාහිත්‍ය කලා මහෝත්සවය කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල උප සභාපති පූජ්‍ය මාදෝවිට වජිර බුද්ධි හිමි , ගරු වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා , හෝමාගම ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති සම්පත් ජයසිංහ මහතා හා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී 2021.11.30 දින පවත්වන ලදි.
තවත් කියවන්න: හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාහිත්‍ය කලා මහෝත්සවය
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ මහතාගේ සංකල්පයකට අනුව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහතුනෙහි (13) සේවය කරන නිලදරුවන් සදහා පැවුත්වූ " VOICE OF COLOMBO " රියැලටි ගී තරගාවලියේ කිරුල හිමිකරගත් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුජානි මධුෂිකා හෙට්ටිආරච්චි මහත්මිය හා අවසන් වටයේ දොලොස් දෙනා අතරට තේරී පත්වූ නිලංක නවෝද් සිරිවර්ධන මහතා පිළිගැනීමක් හා ඇගයීමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ ජනවාරි 31 දිනදී පැවැත්වුනේ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රදානත්වයෙන්.
ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස් .කැකුලාවල මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම උත්සවය සංවිධානය කරනු ලැබුයේ කාර්යාලයීය සියළු අංශවල කිලධාරීන්ගේ සහභාගිත්වයෙන්.





සමෘද්ධි Fm වප් පුර පසලොස්වක ( 20 ) පෝදා සදහම් චාරිකාව හෝමාගම කහතුඩුව ශ්‍රී සමන් මල් විහාරස්ථානයේ සිට උදෑසන අටසිල් සමාදන් වීමේ සිට ධර්මදේශනා ඇතුළු සවස බෝධි පූජා පිංකම දක්වා සියළු ආගමික වැඩසටහන් මාලාව සජීව විකාශනය කෙරින.














