" හරිත දැයක් " ජාතික ගෙවතු වගා සංග්‍රාමය  - 2022  වැඩසටහනට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුවන ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාමීය ගෘහ ඒකක වෙත එළවළු පැල ලබාදීම ඉකුත්  31 දා උඩුවන ග්‍රාමයේ දී  සිදුකෙරුනේ  ප්‍රාදේශීය මහජන නියෝජිතයින්ගේ  හා ප්‍රාදේශීය  ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රදානත්වයෙන් .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පනාගොඩ යුධහමුදා ප්‍රාථමික විද්‍යලයීය සිසු දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ  වැඩසටහනක්  ඉකුත්දා  පැවැත්වුනේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරණ  අධ්‍යාපන හා පුහුණු අංශයේ මනෝ විද්‍යාඥ භාග්‍ය අබේසිංහ මහත්මියගේ සම්පත් දායකත්වයෙන්.

 " හරිත දැයක් " ජාතික ගෙවතු වගා සංග්‍රාමය  - 2022 වැඩසටහනේ ජාතික සමාරම්භක  උළෙල වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු  හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍ය  ගරු  චමල් රාජපක්ෂ  , හෝමාගම සම්බන්ධීකරන කමිටු  ගරු සභාපති කැබිනට් වෙළද අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන  හා කෘෂිකර්ම  කැබිනට් අමාත්‍ය  ගරු  මහින්දා නන්ද අළුත්  ගමගේ යන    අමාත්‍යවරුන්ගේ  ප්‍රදානත්වයෙන්   හා  කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරන  කමිටු සම සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී  මේජර්  ප්‍රදීප් උදුගොඩ මහතා, හෝමාගම ප්‍රාදේශීය සභා ගරු සභාපති සම්පත් චමින්ද ජයසිංහ මහතා ප්‍රමුඛ ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයින් , කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්  ඩී.එම් .එල්. බණ්ඩාරනායක මහතා, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම් .චිත්‍රානන්ද මහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතා , දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ   සහභාගිත්වයෙන්  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  කහතුඩුව දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජගත් කුමාර අබේසිංහ මහතාගේ   ගෙවත්තේදී  මාර්තු  29 දින පෙ.ව.9.18 ට යෙදුන  සුභ මොහොතින්  සිදුකෙරින. 

හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්  මත්තේගොඩ විද්‍යාාදීප  මහා විද්‍යාලයේ 9 හා 10 ශ්‍රේණි වල සිසු  දරුවන් ගේ කුසලතා පාදක  කරගනිමින්  කණ්ඩායම්  ක්‍රියාකාරකම් සමගින්  මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ   වැඩසටහනක්  

හෝමාගම ප්‍රාදේශීය ලේකම්  බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන , නිපුණතා සංවර්ධන  හා විදේශ  රැකියා  ප්‍රවර්ධන  අංශ එක්ව සංවිධානය  කල  "  රැකියා පොළ " වැඩසටහන     මාර්තු  13 වෙනි දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී   පැවැත්වුනේ  හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් සම්බන්ධීකරන නිලධාරී ආනන්ද විජේකෝන් , විදේශීය සේවා නියුක්ති කාර්යාංශයේ පළාත්  විගමනික සම්පත් මධ්‍යස්ථානයේ ජේෂ්‍ඨ කළමණාකරු  රත්නසිංහ ආරච්චි , විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළද පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ  දිස්ත්‍රික් සම්බන්ධීකරන නිලධාරී නිමල්  බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ  ප්‍රදානත්වයෙන් හා  දේශීය / විදේශීය  රැකියා  ආයතන හා වෘත්තීය  පුහුණු ආයතනයන්හි  නියොජිතයින්ගේ   සහභාගිත්වයෙන් .

දේශීය රැකියා ආයතන , විදේශ රැකියා  ආයතන ,වෘත්තිය පුහුණු ආයතන  තිස් හතක පමණ (37 ) සහභාගීත්වයෙන් පැවැත් වූ රැකියා පොළ  සදහා ප්‍රතිලාභීන් දෙසිය හැට  පස් දෙනෙකු ( 265 )  මේ සදහා  සහභාගී වූහ.

1 JobFair

2 JobFair

3 JobFair

4 JobFair

5 JobFair

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top