හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසැල්  දරුවන්ගේ  නිර්මාණශීලී කුසලතාවය වර්ධනය  කිරීමේ අරමුණින්  " අරුණ දකින රටා"  චිත්‍ර නිර්මාණ වැඩමුළුව හා ඇගයීමේ වැඩසටහනක්  ඉකුත් 22 දිනදී  පැවැත්වුනේ සහකාර ප්‍රාදේශීය ලේකම් බී .එස් .කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී .


 

පෙර පාසැල් දරුවන්, පෙර පාසැල් ගුරුභවතුන් හා දෙමාපියන් මෙම වැඩසටහනට සම්බනධ වූහ.

මුල් ළමා විය සංවර්ධන  ජාතික ළමා ලේකම්  කාර්යාලයේ අනුග්‍රහය හා උපදෙස් මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  මුල් ළමා විය සංවර්ධන සහකාර  චමරි ලක්මාලි මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය .

Image00001ArunaDakinaRata

Image00002ArunaDakinaRata

Image00003ArunaDakinaRata

Image00004ArunaDakinaRata

Image00005ArunaDakinaRata

Image00006ArunaDakinaRata

Image00007ArunaDakinaRata

Image00008ArunaDakinaRata

Image00009ArunaDakinaRata

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පනාගොඩ පරාක්‍රම ජාතික පාසැලේ 9 ශ්‍රේණියේ සිසු දරුවන් සදහා  කුසලතා  පාදක කර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් 22 දිනදී  සිදුකෙරුනේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු සහකාර සුපුන් උදාන මහතාගේ සම්පත් දායකත්වයෙන්.

වර්තමානයේ  ශ්‍රී ලංකාව තුළ මතුවී ඇති ආර්ථික  අර්බුදය හමුවේ ආහාර  අර්බුදය ජයගැනීමේ අරමුණින් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති  ප්‍රදීප් යසරත්න මහතාගේ  සංකල්පයකට අනුව ක්‍රියාත්මක  " අහරින්  සපිරි කොළොම්තොටක්  " වැඩසටහන  යටතේ  හෝමාගම කොට්ඨාශයේ වැඩසටහන  පිළිබදව දැනුවත් කිරීම හා ප්‍රගති සමාලෝචන රැස්වීම  දිස්ත්‍රික්  ලේකම් තුමාගේ ප්‍රදානත්වයෙන් ජුනි 21 දිනදී  පැවැත්වුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී .

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණ දිනය යෙදෙන ජුනි මස 26 වන දිනට  සමගාමීව  හෝමාගම ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන්, කොන්දොස්තරවරුන් සහ කාර්‍යය මණ්ඩලය සදහා මත්ද්‍රව්‍ය ගැටලුව පවතින වර්තමාන තත්වය, බලපෑම සහ ප්‍රතිකාර පිළිබඳව දැනුවත් කිරීමේ සහ සාකච්ඡා කිරීමේ වැඩසටහනක්  ජුනි 21 දිනදී සිදුකෙරුනේ හෝමාගම ඩිපෝවේ දී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටුවාන  හා වටරැක දකුණ ග්‍රාම නීලධාරී වසම්  දෙකෙහි  ජේෂ්ඨ පුරවැසි සංවිධාන  දෙක මගීන්  පොසොන්  උත්සවය සමරමින්  " පොසොන් බැති ගී "  වැඩසටහන් දෙකක් සංවිධානය කරනු  ලැබූයේ  අදාල වසම්හි  ජේෂ්ඨ පුරවැසි සංවිධාන දෙක මගීන්.

කටුවාන  ග්‍රාම නිලධාරී  වසමේ  කටුවාන පිංබිම ශාලාවේදීත් වටරැක දකුණ වසමේ ඉන්ද්‍රාරාම විහාරස්ථානයෙදීත්  පොසොන් බැති ගී වැඩසටහන් පවත්වනු ලැබීය.

ඉන්ද්‍රාරාම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ සේවා අංශයේ නිලධාරීන් ඇතුළු  ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි රාජ්‍ය නිලධාරීන්  හා ප්‍රදේශවාසීන්  මේ සදහා  සහභාගී වූහ.

 

Image00001T

Image00002T

Image00003T

Image00004T

Image00005T

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top