වර්තමානයේ  ශ්‍රී ලංකාව තුළ මතුවී ඇති ආර්ථික  අර්බුදය හමුවේ ආහාර  අර්බුදය ජයගැනීමේ අරමුණින් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති  ප්‍රදීප් යසරත්න මහතාගේ  සංකල්පයකට අනුව ක්‍රියාත්මක  " අහරින්  සපිරි කොළොම්තොටක්  " වැඩසටහනට සමගාමීව  කොළඹ දිස්ත්‍රික්කයට අයත්  හෝමාගම,කැස්බෑව ,මහරගම,කඩුවෙල,පාදුක්ක  හා සීතාවක යන ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස වලට අයත්  වැඩිහිටි හා ආබාධිත  නිවාසය වල ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ  මුල්‍ය ප්‍රතිපාදන මත වැඩිහිටි ප්‍රවර්ධන  නිලධාරීන්  සදහා ගෙවතු  වගා පුහුණු  වැඩසටහනක්  හා  පොහොර, එළවළු බීජ පැකට්  බෙදාදීමේ  වැඩසටහනක්  අද දින ( අගෝස්තු 16 ) පවත්වන ලද්දේ   හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතාගේ  ප්‍රදානත්වයෙන්  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී.


 

ගෙවතු වගා පුහුණුව සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ  කහතුඩුව කෘෂිකර්ම උපදේශක ඉන්දික ගුණසේන මහතා විසින්.

දිස්ත්‍රික් සමාජ සේවා  නිලධාරිනී දුෂ්මන්ති  ධර්මසේන මහත්මිය , දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරිනී චිත්‍රානි රන්කොත් මහත්මිය, වැඩසටහනට සම්බන්ධවූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  හයෙහි ( 6 ) සමාජ සේවා නිලධාරීන් හා එම කොට්ඨාසවල වැඩිහිටි  හා ආබාධිත නිවාසයන්හි වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

කොළඹ දිස්ත්‍රික් පළාත්   සමාජ සේවා අංශයේ සම්බන්ධීකරනයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස් .කැකුලාවල මහතාගේ උපදෙස් මත හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  සමාජ  සේවා අංශය මගීන්  මෙම වැඩසටහන  සංවිධානය කරනු  ලැබීය.

 

Image001DetuPurawasiSaraKetha

Image002DetuPurawasiSaraKetha

Image003DetuPurawasiSaraKetha

Image004DetuPurawasiSaraKetha

Image005DetuPurawasiSaraKetha

Image006DetuPurawasiSaraKetha

Image007DetuPurawasiSaraKetha

Image008DetuPurawasiSaraKetha

Image009DetuPurawasiSaraKetha

Image010DetuPurawasiSaraKetha

  නිකිණී පුන් පෝය නිමිත්තෙන්  මුල්ලේගම ශ්‍රී සුගතනන්දාරාම පුරාණ මහා විහරස්ථානයේ  ශීල සමාදන් වූ උපාසක  උපාසිකාවන් සදහා " බෞද්ධ පරිසරය තුළ සතුටින් ජීවත්වීම හා යහපත් ළමා  පරපුරක් සකස්  කරන්නේ කෙසේද?" යන තේමාව යටතේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලද්දේ  අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරක අධ්‍යාපන හා පුහුණු අංශයේ මනෝ විද්‍යාඥ භාග්‍යා අබේසිංහ මහත්මියගේ සම්පත් දායකත්වයෙන් .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  නාවලමුල්ල   ග්‍රාම නිලධාරී  වසමේ සියළු සමෘද්ධි සමීති සාමාජිකයින් ඇතුළු සමස්ත රටවැසි සියළු ජනතාවට සෙත්පතා  ආශිර්වාද බෝධි පූජා පිංකමක්  පවත්වනු ලැබූයේ ඉකුත්  නිකිනි පුර පසලොස්වක පොහෝ දින නාවලමුල්ල  සම්මතාරාම විහාරස්ථානයේ දී. 

 හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  කිරිවත්තුඩුව උතුර  ග්‍රාම නිලධාරී වසමේ  සමෘද්ධි ප්‍රජා මූල  සංවිධානය  මගීන්   නිකිනි පුර පසලොස්වක පොහෝ  දිනය මූලික කරගෙන ආශිර්වාද බෝධි පූජා පිංකමක්  පැවැත්වුනේ  මූණමලේවත්ත සුබෝධාරාම විහාරස්ථානයේදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  මත්තේගොඩ සමෘද්ධි කලාපයේ සමෘද්ධි  නිලධාරීන්  සදහා අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීමේ ලා ආරවුල්වලින් තොර සාමාකාමී ජීවිතයක්  පවත්වා ගැනීමේ ඇති වැදගත්කම හා සමථකරණයෙන් ඊට ලැබෙන සහයෝගය යන මැයෙන් සමථ නිලධාරී කේ.ඩී.හිමාලි කටුගම්පල මහත්මියගේ හා  සාර්ථක  ව්‍යාපෘති  පවත්වාගෙන යන අපනයන ක්‍රියාවලිය  සදහා  කැමත්තක් දක්වන සමෘද්ධි  ප්‍රතිලාභී  හා ප්‍රතිලාභී නොවන ව්‍යවසායකයින් හදුනාගෙන ඔවුන් අපනයන ක්‍රියාවලිය ට සම්බන්ධ කිරීමට අපනයන සංවර්ධන  මණ්ඩලයේ  කාර්‍යභාර්ය  සම්බන්ධයෙන් අපනයන සංවර්ධන  නිලධාරී ලිමාලි ගුණසේන මහත්මීන්ගේ  සම්පත්දායකත්වයෙන්  දැනුවත්  කිරීමක්   මත්තේගොඩ සමෘද්ධි බැංකු   කාර්යාලයයේ දී පැවැත්වුනේ  ඉකුත් දොලොස්වෙනිදා (12).


 

සමාජ සංවර්ධන සහකාර  චමිලා ජයතුංග මහත්මිය , කලාප සහකාර  දිලිනි ජයකොඩි මහත්මිය ප්‍රමුඛ  මත්තේගොඩ සමෘද්ධි කලාපයේ  ක්ෂේත්‍ර  සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් මෙයට සහභාගී විය.

Image0001SamurdhiOfficialsAboutMeddiation

Image0002SamurdhiOfficialsAboutMeddiation

Image0003SamurdhiOfficialsAboutMeddiation

Image0004SamurdhiOfficialsAboutMeddiation

Image0005SamurdhiOfficialsAboutMeddiation

Image0006SamurdhiOfficialsAboutMeddiation

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top