හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ   කිරිවත්තුඩුව " හිමිදිරි අරුණ " හා මාගම්මන  "රංජන"  පෙරපාසැල්  වෙත ළමා ලේකම්  කාර්යාලයේ ප්‍රතිපාදන මත ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත ඉගෙනුම්  උපකරණ  කට්ටල  ලබාදීම පසුගියදා  සිදුකෙරුනේ  එම පෙර පාසැල් පරිශ්‍රයන්හීදී  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  මුල් ළමාවිය සංවර්ධන සහකාර  චමරි  ලක්මාලි  මහත්මියගේ ප්‍රදානත්වයෙන් සිදුවිය.

Image001ProvicionofPreschlEquipments

Image002ProvicionofPreschlEquipments

Image003ProvicionofPreschlEquipments

Image004ProvicionofPreschlEquipments

 

 

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  හෝමාගම සමෘද්ධි  කලාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්  සදහා  ක්ෂේත්‍රයේදී උපදේශන  සේවා  අවශ්‍යතාවය ලබාදිය දිය යුතු  ප්‍රජාව හදුනාගැනීම හා ඔවුන්  වෙත ලබාදිය හැකි ආර්ථික ව්‍යසනය හමුවේ  මානසික උපදේශනය , ආතති කළමණාකරනය ,මානසික ගැටළු කළමණාකරනය ,  පෞරෂ  වර්ධනය , කුසලතා  වර්ධනය  හා ආකල්ප සංවර්ධන  යන උපදේශන  සේවාවන්  පිළිබද   දැනුවත් කිරීම  සිදුකරන  ලද්දේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය උපදේශන සහකාර  ටෙරන්ස්  අතුකෝරල මහතා විසින්.

 හෝමාගම ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය සහ කෘෂිකර්ම නිලධාරීන් සදහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද  දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ සාකච්ඡාවක් පසුගිය 22 දිනදී  හෝමාගම ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේදී  සිදුකලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ  උපදේශන සහකාර ( බාහිර සේවා) පී.ඒ.එන්.පද්මසිරි, සංවර්ධන නිලධාරී  ගිෂානි උමේගා ,මත්ද්‍රව්‍ය නිවාරණ සහායක දිනේෂ් ප්‍රියසාද් යන මහත්ම මහත්මීන්ගේ  සහභාගිත්වයෙන්.

 මෙහිදී , 1927 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය ප්‍රචාරණය කිරීම සහ ප්‍රතිකාර ක්‍රියාවලිය සඳහා සෘජුව සම්බන්ධ විය හැකි තොරතුරු ඇතුළත් දැන්වීම් පත්‍රිකාවක් බෙදා දීම සිදු කරන ලදී.

.

Image001DrugPreventionPrograamHomagam

Image002DrugPreventionPrograamHomagam

Image003DrugPreventionPrograamHomagam

Image004DrugPreventionPrograamHomagam

Image005DrugPreventionPrograamHomagam

හෝමාගම පනාගොඩ " ඉසුරු " පෙර පාසැලේ දරුවන්ගේ  දෙමපියන් සදහා  " දරුවන්ගේ සංවර්ධනය, රැකවරණය ,පෝෂණය  හා නිවස පදනම්  කරගත්  මුල් ළමාවිය සංවර්ධනය " පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්  අගෝස්තු 24 දිනදී  පැවැත්වුනේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  උපදේශන නිලධාරීන් වන සමන්ත අරඹේගම, ටෙරන්ස් අතුකෝරල  හා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනී  ධම්මිකා සවර්ණසීලි යන මහත්ම මහත්මීන්ගේ  සහභාගිත්වයෙන් .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පනාගොඩ පරාක්‍රම ජාතික පාසැලේ දහවන ( 10 ) ශ්‍රේණි අංශයට සිසු දරුවන් සදහා  කුසලතා  පාදක    මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව හා කායික මානසික වෙනස්කම් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් විසිදෙක (22 ) දිනදී  සිදුකෙරුනේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරණ අධ්‍යාපන හා පුහුණු අංශයේ ප්‍රියදර්ශනී රත්නායක , තොරතුරු නිලධාරී  චන්දිමා ජයකොඩි, මනෝ   විද්‍යාඥ භාග්‍යා අබේසිංහ  හා තොරතුරු සහකාර සුපුන් උදාන  යන මහත්ම මහත්මීන්ගේ  සම්පත් දායකත්වයෙන්.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top