හෝමාගම පොල්ගස්ඕවිට ' සුදරු' විශේෂ අවශ්‍යතා සහිත පාසැලේ අධ්‍යාපනය ලබන දරු දැරියන් වෙනුවෙන් ශීල ව්‍යාපාර වැඩසටහනක් 2022/09/08 දින පැවැත්විණ.
හෝමාගම ගලවිලවත්ත උතුර ග්‍රාම නිලධාරී වසමේ හිටපු සමෘද්ධි සංවර්ධන නිලධාරිනී සරෝජනී අල්විස් මහත්මියගේ මූලිකත්වයෙන් පැවති 2019 වසරේ පැවැත්වු දුම්වැටි විරෝධී කොඩි අලෙවි වැඩසටහන තුලින් උපයා ගන්නා මුදලින් අඩුආදායම්ලාභී පවුල් වල පාසැල් අධ්‍යාපනය ලබන දරු දැරියන් දහනම දෙනෙකු ( 19 ) සදහා පාවහන් වවුචර් පත් ලබාදීමක් හා පවුලේ පෝෂණය , වර්තමාන ආර්ථික ව්‍යසනය හමුවේ පවුලේ සියළු සාමාජිකයින් එක්ව පවුලේ ආර්ථික සැලැස්ම සකස් කරගන්නා ආකාරය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.09.09 දින ගලවිලවත්ත උතුර සුනිල් පෙරුම්බුලි ශාලාවේදී පැවැත්වුනි.
දැනුවත් කිරීමෙි වැඩසටහනට සම්පත් දායකත්වය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය උපදේශන සහකාර ටෙරන්ස් අතුකෝරල මහතා විසින් ලබාදෙන ලදී.
ගලවිලවත්ත උතුර සමෘද්ධි සංවර්ධන නිලධාරිනී රූපිකා කුමාරි හෙට්ටිආරච්චි මහත්මිය මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.









හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුවන ග්‍රාම නිලධාරී වසමේ කාන්තාවන් වෙනුවෙන් ආහාර විජලනය පිලිබඳ පුහුණු වැඩමුළුවක් සැප්තැම්බර් හය (6 ) වන දින විදාතා තාක්ෂණ නිලධාරී මාලිකා පෙරමුණආරච්චි මහත්මියගේ හා විදාතා ක්ෂේත්‍ර සම්බන්ධිකාරක නිලධාරී මහේෂ් මුදලිගේ මහතාගේ සම්පත් දායකත්වයෙන් උඩුවන ග්‍රාමයේදී පවත්වන ලදී .
තවත් කියවන්න: ආහාර විජලනය පිළිබද පුහුණු වැඩසටහනක් /හෝමාගම( උඩුවන ග්‍රාම නිලධාරී වසම)
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාන්තාවන් ස්වයං රැකියා අවස්ථාවන් වෙත යොමු කිරීමේ අරමුණ පෙර දැරිව 'සබන් ' නිෂ්පාදන පුහුණු වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී 2022.09.07 වන දින පවත්වන ලදී.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියගම ග්‍රාම නිලධාරී වසමේ සණස සමීති සාමාජිකයින් සදහා ඵලදායිතා සංකල්ප තුලින් ගෘහ කළමණාකරනය හා කසල කළමණාකරනය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර් හතර ( 4 ) දින දියගම ශ්‍රී සාලවනෝද්‍යානාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පවත්වන ලදී .
තවත් කියවන්න: ගෘහ කළමණාකරනය හා කසල කළමණාකරනය පිළිබද සණස සමීති සාමාජිකයින් දැනුවත් කිරීමක් /හෝමාගම














