හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කදනවත්ත  හා ප්‍රසන්නපුර ග්‍රාම නිලධාරී වසම්හි කාන්තා කාර්යය සංවිධාන  සාමාජිකාවන් සදහා පහන්තිර සෑදීමේ පුහුණු වැඩසටහනක්   අගෝස්තු  30 දිනදී  එම ග්‍රාම නිලධාරී  වසම්හි දී පවත්වන ලදී .

හෝමාගම ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ  ජේෂ්ඨ පුරවැසියන් සදහා අක්ෂි  හා වෛද්‍ය සායනයක් පසුගියදා   මත්තේගොඩ සණස සමීති  ශාලාවේදී  පවත්වන ලදී .මෙහිදී අක්ෂි හා වෛද්‍ය සායනයට අමතරව  බෝ නොවන රෝග වලින්  ආරක්ෂා වීම, නිවැරදි  ආහාර  පරිභෝජනය  හා  නිවැරැදි  ව්‍යායාම  පීළිබද දැනුවත් කිරීමක් ද සිදුකරන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  සිද්ධමුල්ල  දකුණ 591B වසම හා සංඝාරම 591D ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි සංවර්ධන නිලධාරීන්ගේ  මුලිකත්වයෙන්  වසම්  දෙකෙහි ප්‍රජාව  වෙනුවෙන්  වෛද්‍ය  සායනයක්   සංඝාරාම   මාතෘ හා ළදරු සායන ශාලාවේදී පසුගියදා පවත්වන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ව්‍යවසායකයින්  සදහා ව්‍යවසායකත්ව පුහුණු  වැඩසටහනක්  පසුගිය 23,24 හා 25 යන තෙදින සහකාර ප්‍රාදේශීය ලේකම් බ්.එස්.කැකුලාවල මහතාගේ  ප්‍රදානත්වයෙන්  කාර්යාලයීය  ශ්‍රවණාගාරයේදී පවත්වන  ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  පාලගම ශ්‍රී  පැරකුම් කණිෂ්ඨ විද්‍යාලයීය සිසු  දරු දැරියන්ගේ දෙමාපියන් සදහා  නිරන්තරයෙන්  දරුවන්ගේ  පාසැල් අධ්‍යාපන  කටයුතු  පිළිබද  සොයා බැලීම  මෙන්ම  දෙමාපියන්ගේ වගකීම් පිළිබද  දැනුවත් කිරීමක් සිදුකෙරුනේ  පසුගිය 23 දිනදී  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  ළමා  හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනියගේ සම්පත්  දායකත්වයෙන්.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top